Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සාගරට පිළිතරු නොදෙන්න විමල්ලා තිරණය කරයි

  රට වහන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවන ලද ලිපියට අත්සන් තැබූ කැබිනට් ඇමතිවරුන් තිදෙ...

 


රට වහන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවන ලද ලිපියට අත්සන් තැබූ කැබිනට් ඇමතිවරුන් තිදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා නැගූ චෝදනා වලට පිළිතුරු නොදීමට එම ඇමතිවරුන් තිදෙනා තීරණය කර ඇතැයි වාර්තා වේ.


ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයන් ඉකුත් බ්‍රහස්පතින්දා (26) රාත්‍රියේ විමල් වීරවංශ ඇමතිවරයාගේ නිල නිවසේ රැස්වී සාකච්ඡාවක් පවත්වා ඇති අතර, පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාගේ චෝදනාව සම්බන්ධයෙන් පිළිතුරක් නොදීමට එහිදී ද තීරණය වූ බව දැනගන්නට ඇත.


රට නොවසන බවට කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගෙන තිබියදී ,රට වහන්නැයි ඉල්ලා ඇමතිවරුන් තිදෙනකු ගේ අත්සනින් ජනාධිපතිවරයාට ලිපියක් කැවීම පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි සැක සිතන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඉකුත් සතියේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.


මේ සම්බන්ධයෙන් වහා පියවරක් ගන්නැයි මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කළේය.


මේ අතර, ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරයකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න මන්ත්‍රීවරයාය එම ධුරයෙන් ඉවත් කර ඇත.

lankadeepa

No comments

Ads Place