Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා රෝගීන් සිටි නිවසකට සතුටු සාමීචියේ යෙදෙන්න ආ මිතුරන් නිරෝධායනයට…

  අලුත්ගම වඩුමුල්ල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් හඳුනාගෙන සිටි නිවසක් වෙත පැමිණ සතුටු සාමීචියේ යෙදුනබව කියන තරුණයින් දෙදෙනෙකු අලුත්ගම පොලිසියේ...


 අලුත්ගම වඩුමුල්ල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් හඳුනාගෙන සිටි නිවසක් වෙත පැමිණ සතුටු සාමීචියේ යෙදුනබව කියන තරුණයින් දෙදෙනෙකු අලුත්ගම පොලිසියේ කොරොනා පැතිරයාම වැළැක්වීමේ ඒකකයේ සහ ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී විසින් මෙම තරුණයින් දෙදෙනා ගේ නිවාස වෙත ගොස් ඔවුන් දෙදෙනාව දින 14 බැගින් නිරෝධායනයට ලක් කළ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී වරයා සහ අලුත්ගම පොලීසිය පවසයි .

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පිහිටි අලුත්ගම පූර්වාරාම පාර නොදුරින් ඇති වඩුමුල්ල ග්‍රාමයේන් කොරෝනා ආසාදිත ව හඳුනාගෙන ඇති නිවසක නිවැසියන් නිවස තුළම නිරෝධායනයට සහ ප්‍රතිකාර වලට ලක්කිරීමේ වැඩපිළිවෙළ යටතේ එම නිවසට පරිබාහිර පුද්ගලයන්ට සමීප වීමට නොහැකි අවස්ථාවක මෙම තරුණයින් දෙදෙනා පැමිණ එහි සිටි ආසාදිත තරුණයෙකු සමග පුටු මත හිදගෙන සතුටු සාමීචියේ යෙදී සිටියදී ඒ බව එම ස්ථානයෙන් ගමන්ගත් ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා මෙම නිවසේ පිටස්තර පුද්ගලයින් දෙදෙනෙකු සිටිනු දැක තිබේ .

එම අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කොරෝනා ආසාදිත රෝගීන් සිටින නිවසේ අයට සහ එම පිටස්තර තරුණයන් දෙදෙනාට දැඩි අවවාද කර දෙදෙනාගේ තොරතුරු සටහන් කර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ උසස් නිලධාරීන් ද දැනුවත් කර තිබේ .
ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳරුවන් මහතා අලූත්ගම පොලිසියේ කොරෝනා පැතිරයාම වැළැක්වීමේ ඒකකයේ පොලිස් සැරයන් ගාමිණි යන මහත්වරු දෙපළ එලෙස කොරෝනා නීති උල්ලංඝණය කරමින් කටයුතු කර තරුණයන් දෙදෙනා ගේ මොරගල්ල සහ හෙට්ටිමුල්ල ප්‍රදේශයේ ඔවුන්ගේ නිවාස තුලම දින 14 බැගින් නිරෝධායනයට ලක්කිරිමට කටයුතු කළ බව කියයි .

එලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ පොලිස් නිලධාරියා නිරෝධයට ලක් කර ඇත්තේ විදෙස් රටක සිට මෑතකදී මෙරටට පැමිණි අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකු සහ බේරුවල හෙට්ටිමුල්ලේ පදිංචි (26) වියේ මිතුරන් දෙදෙනෙකි .

lankacnews

No comments

Ads Place