Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් අද

  තවත් ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් අද ටෝකියෝ පැරාඔලිම්පික් තරග බිමට පිවිසෙනවා.  කුමුදු ප්‍රියංකා සහභාගි වන ටී 47 කාණ්ඩයේ මීටර් 100 කාන...

 


තවත් ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් අද ටෝකියෝ පැරාඔලිම්පික් තරග බිමට පිවිසෙනවා. 


කුමුදු ප්‍රියංකා සහභාගි වන ටී 47 කාණ්ඩයේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරගය අද පෙරවරුවේ පැවැත්විමට නියමිතයි.  


ශ්‍රී ලංකාව මෙවර ටෝකියෝ පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කකමක් සහ ලෝකඩ පදක්කමක් සමගින් පදක්කම් සටහනේ 45 වන ස්ථානයේ පසුවනවා. 


මේ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා. 


එම තරගාවලිය සදහා ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම්කර ඇති අතර ඊට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේද අනුමැතිය හිමිව තිබෙනවා. 


ආබාධයකට ලක්ව සුව වීමෙන් අනතුරුව කොවිඩ් 19 ආසාදනය වීමෙන් පසු සුවය ලැබූ කුසල් ජනිත් පෙරේරාද යළි ශ්‍රී ලංකා සංචිතයට කැදවීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ. මෙම තරගාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ දසුන් ශානකයි.


නිමා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත පන්දුවාර 20යි 20තරගාවලියේ දී දක්ෂතා දැක් වූ කමිදු මෙන්ඩිස්, ළහිරු මධුෂංක, මහීෂ් තීක්ෂණ හා පුලින තරංග යන යොවුන් ක්‍රීඩකයින් ද මෙම සංචිතයට ඇතුළත්. 


නුවන් ප්‍රදීප් ද සංචිතයේ ස්ථානයක් යළි හිමි කර ගෙන ඇති අතර අශේන් බණ්ඩාර මෙම සංචිතයට ඇතුළත්ව නැහැ. 


ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර එක්දින තරග 3ක් සහ පන්දුවාර විස්ස තරග 3ක් පැවැත්වීමට නියමිතයි. 


එම සියලු තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා. පළමු එක්දින තරගය අනිද්දා ආරම්භ වීමට නියමිතයි.

nethnews

No comments

Ads Place