Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“හරක් කටාට” අයත් සුඛෝපභෝගී බස් රථයක් අත්අඩංගුවට

 ඩුබායි රාජ්‍යයේ වාසය කරන නදුන් චින්තක නොහොත් “හරක් කටා” නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී බස් රථයක් පොලිස් ...


 ඩුබායි රාජ්‍යයේ වාසය කරන නදුන් චින්තක නොහොත් “හරක් කටා” නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී බස් රථයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මාතර මිද්දෙණීයේදී අද (20) අත්අඩංගුවට ගනු ලැබ ඇත.


මෙම සුඛෝපභෝගී බස් රථය මාතර සිට කඩුවෙල දක්වා අධිවේගී මාර්ගයේ ධාවනය සදහා යොදවා ඇති බවත්, මත්ද්‍රව්‍ය ඡාවාරමෙන් උපයාගත් මුදලින් ලබාගෙන ඇති මෙය, හරක් කටා නමැත්තා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රකාශකයෙකු  පැවසීය.


මේ අතර පාකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරට රැගෙන ආ මත්කුඩු සමග මෙරටට රැගෙන එන්නට ඇතැයි සැකකෙරෙන පිස්තෝල අවි පහක් වැලිගම වලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක සගවා තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අද (20) අලුයම සොයා ගෙන ඇත.


චීනයේ නිෂ්පාදිත මෙම පිස්තෝල අවි පහ සමග මැගසින් අටක් සහ පතුරම් 10ක් ද එම ස්ථානයේ තිබී පොලීසිය සොයා ගෙන තිබේ.


පාකිස්ථානයේ සිට මත්ද්‍රව්‍ය තොගයක් සමග මෙරටට එවන ලද ගිනි අවි කිහිපයක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට තොරතුරු ලැබී තිබි ඇති අතර ලද තොරතුරකට අනුව කළ සෝදිසි මෙහෙයුමකදී මෙම අවි සොයා ගත් බව පොලීසිය කියයි.


මෙම ගිනි අවි ද ‘හරක්කටා‘ නමැත්තාට අයත් ඒවා බවට පොලීසියට සැක කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කරයි.

lankadeepa

No comments

Ads Place