Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් නිසා මියයන පුද්ගලයින් ගැන අනාවරණයක්

මෙරට කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින් අතරින් 91 කට අධික පිරිසක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබා නොගත් පුද්ගලයින් බව අනාවරණය වී තිබෙනවා. එක් ...


මෙරට කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින් අතරින් 91 කට අධික පිරිසක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබා නොගත් පුද්ගලයින් බව අනාවරණය වී තිබෙනවා.


එක් මාත්‍රාවක් පමණක් ලබා ගත් පුද්ලගයින් ද මෙලෙස මිය ගිය පුද්ගලයින් අතරට අයත්. 


කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටියදී ආසාදිතව මිය ගිය පුද්ගලයින් කිහිපදෙනෙකු ද වාර්තා වුවත් එය ඉතා සුළු ප්‍රතිශතයක් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.


ඉකුත් සතිය වන විට මෙරටදී කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින් අතරින් සියයට 91කට අධික පිරිසක්ම කිසිදු කොරෝනා මර්දන එන්නතක් හෝ ලබාගෙන නොසිටි පුද්ගලයින් බවටයි සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත්තේ. 


ඉකුත් 13 වනදා වන විට මෙරට සිදුවූ කොරෝනා මරණ 5,775ක් අතරින් 5,295 දෙනෙකුම කිසිදු එන්නතක් ලබා ගෙන නොතිබූ බවද වාර්තා වනවා. 


එක් කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන සිටි පිරිස අතරින් කොරෝනා ආසාදිතව මිය ගොස් ඇත්තේ 400කට ආසන්න පිරිසක්. 


එය ඉකුත් සතියේ වාර්තා වූ මරණ සංඛ්‍යාවෙන් සියයට 07කට ආසන්නයි. 


කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටියදී ආසාදිතව මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව සියයට එකක අගයක පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.


මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ ශල්‍ය ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ අචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ එන්නත්කරණය සිදුකළ පුද්ගලයන්ගෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත කිරිමේ හැකියාව එන්නත් නොකළ පුද්ගලයින්ට වඩා සියයට 65 කින් පමණ අඩු බවයි.

nethnews

No comments

Ads Place