Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට තවදුරටත් වසා දමනවාද ? තීරණය අද

 රට තවදුරටත් වසා දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද තීරණය කරනු ඇතැයි වාර්තා වනවා.  ඉහළ පෙළේ සෞඛ්‍ය ආරංචි මාර්ග පැවසුවේ අද පැවැත්වීමට නියමිත කො...


 රට තවදුරටත් වසා දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද තීරණය කරනු ඇතැයි වාර්තා වනවා. 


ඉහළ පෙළේ සෞඛ්‍ය ආරංචි මාර්ග පැවසුවේ අද පැවැත්වීමට නියමිත කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි. 


ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්ම කාල සීමාව තුළ ප්‍රගතිය මෙන්ම රට තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හා සිදුවන මරණ සම්බන්ධයෙන් ද අද පැවැත්වෙන සාකච්ඡාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇති.

 

රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කෙරුණේ ඉකුත් සිකුරාදා දිනයේයි. 


ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය පනවා අදට සතියක්. එහෙත් කොළඹ නගරය ඇතුලු බොහෝ ප්‍රධාන නගරවල ජනතාව මෙන්ම රථ වාහන සැලකිය යුතු මට්ටමකින් තිබෙන අයුරු දැකගත හැකි වූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පවා අකුරටම ක්‍රියාත්මක නොවන පසුබිමකයි. 


කෙසේ වෙතත් අද පැවැත්වෙන සාකච්ඡාවේදී රටේ ඉදිරිය පිළිබඳ තීරණයක් ගත යුත්තේ නිවැරදි දත්ත මත පදනම්ව බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. 


එහි මද්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ නිවැරදි නොවන තීන්දුවක් යම් හෙයකින් ගතහොත් රටේ තත්ත්වය තව දුරටත් බැරූරුම් කිරීමට එය හේතු වනු ඇති බවටයි.



එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ ඉල්ලා සිටියේ පවතින තත්ත්වය මේ වන විට තවත් තීව්‍රවී ඇති බැවින් තවත් සතියක් හෝ දෙකක් රට වසා දමන ලෙසයි. 


කෙසේ වෙතත් නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අවධාරණය කළේ රට තවදුරටත් වසා දැමීම ප්‍රායෝගික නොවන බව තම පෞද්ගලිකව විශ්වාසය බවයි. 


ඒ අනුව තවදුරටත් රට වසා දමනු ඇත්දැයි තමා නොසිතන බවද අමාත්‍යවරයා සඳහන් කළා. 


අද දිනයේ රට තවදුරටත් වසා දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඇත්තේ ලොක් ඩවුන් කිරීම කොරෝනා ව්‍යාප්තිය පාලනයට හොඳම විසදුම නොවන බවට ඔස්ටේ්‍රලියාව ප්‍රමුඛ ප්‍රධාන රටවල් කිහිපයක් මේ වන විටත් ප්‍රකාශ කර ඇති පසුබිමකයි.


මේ වන විට සමස්ථ රටටම ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 30 වනදා අලුයම 04 තෙක් බලාත්මකයි.

nethnews

No comments

Ads Place