Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මරණයක් ගැන බොරු කියන්න හදිසි මරණ පරීක්ෂක අල්ලස් ගනී..

  බේරුවල හදිසි මරණ පරීක්ෂකවරයා රුපියල් 3000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අල්ලස් සහ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් පිරිසක් දර්ගා නගරයේ ,අඹගහ හංදිය...

 


බේරුවල හදිසි මරණ පරීක්ෂකවරයා රුපියල් 3000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අල්ලස් සහ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් පිරිසක් දර්ගා නගරයේ ,අඹගහ හංදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කියයි .

අළුත්ගම පොලිස් වසමේ පිංහේන ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයකු ගෙ මෘත ශරීරය භුමදානය කිරිමට අදාළ මරණ සහතිකය නිකුත් කිරීම වෙනුවෙන් සැකකාර මරණ පරීක්ෂකවරයා මිය ගිය පුද්ගලයාගේ පාර්ශවයෙ අයෙකුගෙන් අදාල අල්ලස් මුදල වන රු.3000 ලබාගනිද්දී අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් භාරයට ගෙන අලුත්ගම පොලිසියට රැගෙන ගොස් තිබේ .

මෙලෙස අත්අඩංගුවට පත් සැකකාර හදිසි මරණ පරීක්ෂකවරයා අළුත්ගම පොලිස් වසමේ පදිංචිකරුවකු බවත් , ඔහු විශ්‍රාමික රජයේ නිලධාරියකු ලෙස කටයුතු කරමින් හදිසි මරණ පරීක්ෂක ධූරයෙ බේරුවල හදිසි මරණ පරීක්ෂක වරයා වශයෙන් කටයුතු කර තිබේන බව විමර්ශන සිදුකරන පොලිසිය කියයි .

අත්අඩංගුවට ගත් සැකකාර හදිසි මරණ පරීක්ෂක වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අලූත්ගම පොලිසිය මගින් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අලුත් ගම පොලීසියේ උසස් නිලධාරීන් සඳහන් කළහ .

සැකකරු සම්බන්ධයෙන් අල්ලස් සහ දූෂණ දූෂණ විමර්ශන ඒකකයේ උපදෙස් මත අලූත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .

lankacnews

No comments

Ads Place