Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංකුලතා නොමැති කොවිඩ් ආසාදිතයින්ට නිවසේ සිට ප්‍රතිකාර කිරීම ඇරඹේ

වර්තමානයේ රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් රෝහල් ආශ්‍රිතව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන් ද දැඩි අපහසුතාවයට පත්ව ති...


වර්තමානයේ රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් රෝහල් ආශ්‍රිතව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන් ද දැඩි අපහසුතාවයට පත්ව තිබෙන බැවින් නිවෙස් ආශ්‍රිත නිරෝධායන සහ ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.


රෝග ලක්ෂණ නොපෙන්වන සහ බරපතල නොවන රෝග ලක්ෂණ සහිත කොවිඩ් ආසාදිතයින් මෙලෙස නිවෙස් ආශ්‍රිතව නිරෝධායනයට සහ ප්‍රතිකාර ලැබීම සඳහා ලබන සඳුදා සිට යොමු කිරිමට තීරණය කර ඇත.


එම නිවෙස්ගත නිරෝධායන සහ ප්‍රතිකාර ක්‍රියාවලිය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන් සහ රෝහල් ප්‍රධානින් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී ඇති.


ඒ අනුව එම ක්‍රියාවලිය සිදුවන්නේ පහත ආකාරයෙන් :


1. ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් කොවිඩ් ආසාදිතයින් බවට පත්වන පුද්ගලයින් ඇසුරෙන් රෝහල් ගතව හෝ නිවෙස් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් වෙන් කිරිම සිදුකළ යුතුය.


2.  නිවෙස් ගත ප්‍රතිකාර ලැබීමට සුදුසුකම් ලබන කොවිඩ් ආසාදිතයින් :


වයස අවුරුදු 02 - 65 අතර විය යුතුය.


ආසාදිත පුද්ගලයාට හොඳ වාතාශ්‍රිත කාමරයක හුදෙකලා විය යුතු වන අතර වෙන්වූ වැසිකිලි පහසුකම් සහිත විය යුතුය.


අධික තරබාරුව, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළුව හෘද / පෙනහළු / වකුගඩු ආදී නිධන්ගත රෝග වලින් නොපෙළෙන අය විය යුතුය.


නිවසේදී ප්‍රමාණවත් ස්වයං රැකවරණයක් හා ආධාරකයක් ලැබිය යුතුය. 


නිසි සන්නිවේදන පහසුකම් සහ ආසාදිතයා සමග සන්නිවේදනය කිරිමේ හැකියාව තිබිය යුතුය.


දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත හෝ දීර්ඝ කාලිනව ප්‍රතිශක්තිකරණ ඖෂධ වලින් යැපෙන පුද්ගලයින් නොවිය යුතුය.


03. ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් නිවෙස්ගත නිරෝධායන සහ ප්‍රතිකාර ලැබීමට සුදුසු පුද්ගලයින්ව ලියාපදිංචි කළ යුතුය.


එලෙස ලියාපදිංචි කළ ආසාදිත පුද්ගලයින් සම්බන්ධයෙන් වන වගකීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් අදාළ නිවෙස්ගත නිරෝධායන සහ කළමණාකරණ සම්බන්ධයෙන් වන කණ්ඩායමට සහ එහි දුරකථන මධ්‍යස්ථානය වෙත භාර දෙනු ලැබේ.


මෙම කණ්ඩායම් උපදේශක වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් අධීක්ෂණය කරනු ඇත.


ඇමතුම් මධ්‍යස්ථානය විසින් රෝගීයා සහ නිවෙස්ගත රැකවරණ කළමනාකරණ සඳහා පවරා ඇති වෛද්‍ය සේවා කණ්ඩායම් සමග සම්බන්ධිකරණය කරනු ඇත.


නිවෙස්ගත ආසාදිත රෝගීන් ගේ දෛනික සෞඛ්‍ය තත්ත්වයන් පිලිබඳ තොරතුරු දුරකථනය ඔස්සේ නිවෙස්ගත නිරෝධායන සහ කළමණාකරණ ඒකකය විසින් රැස් කෙරෙනු ඇත. 


මෙලෙස ලබා ගන්නා තොරතුරු අදාළ තොරතුරු මධ්‍යස්ථානය තුල පටිගතව තබා ගනු ඇත. 


04. ලබා ගන්නා තොරතුරු අනුව ආසාධ්‍ය බවට හැඟෙන නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් වහාම රෝහල් ගත කිරිමට පියවර ගනු ඇත.


05. නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් දින 14ක කාලයකින් පසුව නිදහස් කිරිමට පියවර ගනු ලබන අතර යම් හෙයකින් එම කාල සීමාව වන විට රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයෙකු වේ නම් ඔවුන්ගේ රෝග ලක්ෂණ පහවයන තෙක් නිරීක්ෂණය කෙරෙනු ඇත.


06. නිවෙස්ගත නිරෝධායන සහ ප්‍රතිකාර ක්‍රියාවලිය සඳහා ලක් කෙරෙන නිවෙස් වලින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය නිසි කළමනාකරණයකින් යුතුව බැහැර කරලීමේ වගකීම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත පැවරි ඇත.


07. නිවෙස්ගත නිරෝධායන සහ ප්‍රතිකාර ලබාදීමේ දී සෞඛ්‍ය නීති උල්ලංඝණය කරනු ලබන පුද්ගලයින්ව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ රෝහලක් වෙත යොමු කෙරෙනු ඇත. එමෙන්ම එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.


08. නිවෙස්ගත රෝගී ප්‍රතිකාර ලබාදීමේදී එම ආසාදිතයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනා ගනු ලබන පවුලේ සාමාජිකයින් ද දින 14ක කාලයක් නිරෝධායනය වීම සහ අවසානයේ දී ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය වේ.

nethnews

No comments

Ads Place