Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර දරුණු ගැටුම්

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර මේවනවිට දරුණු ගැටුම් පවතිනවා. විදෙස් වාර්තා පැවසුවේ අගනුවරට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක් එල්ල කළ බෝම්බ ප්‍රහා...


ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර මේවනවිට දරුණු ගැටුම් පවතිනවා. විදෙස් වාර්තා පැවසුවේ අගනුවරට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක් එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් පසුව මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි. ප්‍රහාර මාලාවේ ඉලක්කය වී ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක අමාත්‍යවරයා සහ එරට පාර්ලිමේන්තුවේ නියෝජිතයින් පිරිසක්. 


ආරක්ෂක අමාත්‍යවරයාගේ නිවස ඉලක්ක කර ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි සන්නද්ධ තුවක්කුකරුවන් කණ්ඩායම පළමුව මෝටර් රථ බෝම්බ ප්‍රහාරයක් සිදුකර තිබෙනවා. අනතුරුව එම පිරිස විසින් වෙඩි තැබීම් ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.


ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ආරක්ෂක අමාත්‍යවරයා නිවසේ සිට නැහැ. නිවසේ සිටි ආරක්ෂක අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංක පියවර ගෙන තිබෙනවා. ප්‍රහාරය සඳහා පැමිණී සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයින් ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වුණා.  


ආරක්ෂක අංශ විසින් කාබුල් අගනුවර ගෙයින් ගෙට ගොස් සෝදිසි මෙහෙයුම් සිදුකරනවා. ආයුධ සන්නද්ධ කණ්ඩායම් තවදුරටත් අගනුවර නිවාස තුළ සැගව සිටීදැයි සොයා එලෙස සෝදිසි මෙහෙයුම් සිදුකරන බවයි ආරක්ෂක අංශ පැවසුවේ. 

nethnews

No comments

Ads Place