Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පදක්කම් උෂ්නත්වයෙන් දියව ගිය මානව කරුණාව!

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තුරඟ තරග පිටියෙහි වඩාත්ම සාකච්ඡාවට බඳුන් වූ මෙම අසරුවා ජර්මානු ජාතික ඇනිකා ෂුලූයි නම් තරගකාරිය වූ අතර සත්වයාගේ න...


මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තුරඟ තරග පිටියෙහි වඩාත්ම සාකච්ඡාවට බඳුන් වූ මෙම අසරුවා ජර්මානු ජාතික ඇනිකා ෂුලූයි නම් තරගකාරිය වූ අතර සත්වයාගේ නම ‘st’ boy’ නම් විය.


2012 වසරේ ලෝක ශූරතා රන් පදක්කම දිනා ගත් ඇය 2021 වසරේ ඔලිම්පික් තරගාවලියේ අවසන් වටයට ගමන් කළ අතර එහිදී ඇගේ ක්‍රියාකලාපය බොහෝ තැන්වල හෙලා දුටු මාතෘකාවක් විය. එයට හේතුව නම් ඇය විසින් මෙම අසරණ අහිංසක සත්වයාට තලමින් සහ තරවටු කරමින් පදක්කමක් අයිති කරගැනීමේ සිහිනයෙන් පෙළීමයි.


කෙසේ වෙතත් අහිංසක සත්වයාට පස්වන සහ තෙවන කඩුල්ල මග හැරුණ අතර ඔහු එම දෙවතාවේම බාධකය හමුවේ නැවතින. එයට හේතුව සත්වයාගේ වම් කුරයෙහි ඇතිවූ ස්ථීර අබාධිත තත්වයක් බව පෙනිණ. එයින් ලෝක ශූර ඇනිකාට ජයග්‍රහණය අහිමි විය. අවසානයේ පරාජය හමුවේ කෝපයෙන් සහ දුකින් පිරුණු ඇය හඬා වැටෙමින් තරග පිටියෙන් ඉවත් වූ අතර ඉන් පසුවද පුහුණු කරන්නා විසින් මෙකී සත්වයාට පහර දෙන ආකාරය කැමරා කාචයේ සටහන්ව තිබිණ.


අකාරුණික ඇය නොව, අප හැඬිය යුතු කතාව මෙසේය.


ටෝකියෝ ඔලිම්පික් උළෙල, මෙම අහිංසක ආබාධිත තත්වයට පත් වූ සත්වයාගේ ජීවිතය තීරණය කරනා සාධකයකි. ඔලිම්පික්හි පරාජිත ආබාධිත අශ්වයන් නැවත ඔලිම්පික් තරගයක් සදහා සහභාගී කර ගැනීමක් සිදු නොවන අතර එයට හේතුව නම් ඔවුන්ගේ නඩත්තු වියදම් දැරීමට වඩා නව සතෙකු ජවසම්පන්නව පුහුණු කරලීම පහසු වීමය. එනයින් ‘ජීවිතය’ ඔලිම්පික් උළෙලෙහි පරාජය හමුවේ තීරණය වන මෙම සත්වයා අවසානයේ ගොවිපොළකදී හෝ ක්‍රීඩාගාරයකදී වෙඩි කා මියෙනු ඇත.


මෙවර ටෝකියෝ ඔලිම්පික්හි අර්ධ අවසන් වටයෙන් නික්ම ගිය ස්විස්ටර්ලන්ත jet set අශ්වයාටද මරණය හිමි වන්නේ මෙවන් වටපිටාවකය. ඔබ ඔල්වරසන් නගන සෑම අසරු තරගයකම අවසානයේ පරාජිතභාවය හිමි මෙම සතුන්ට හිමි වන්නේ එකී ඛේදවාචකයම වේ.


ඔලිම්පික් පරාජිතයින් නැවත වසර කිහිපයකින් පසුව ජයග්‍රහණය උදෙසා තරග කිරීම මිනිසුන්ට හිමි වුවද මෙම සතුන්ට හිමි නොවීම මෙන්ම සිය ජීවිතය මිනිසාගේ වාසනාව සහ සතුටටම පමණක් කැපකිරීමට සිදුවීම අතින් ඔවුන් කෙතරම් අවාසනාවන්තයෝද ?


ලොව පුරා තුරඟ තරග තුලදී පරාජිත ආබාධිත අශ්වයන් වසරකට තිස් දෙදහසක් ඝාතනය වේ. එකම හේතුව අශ්වයන් මිනිසාට අවැසි වන්නේ දිවීමට පමණි. දිවීමට නොහැකි අසාර්ථක අශ්වයාගෙන් මානව ශිෂ්ටාචාරයට එකළ සිට පලක් නැත. පුරා වසර දහස් ගනනක සිට මෙම සත්ව පරපුර ගෙවන ඛේදවාචකය එයයි.

noizetv

No comments

Ads Place