Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොච්චිකඬේ අවන්හලකදී යකා නැටූ කෝටිපති කතට හා අනියම් පෙම්වතාට ඇප!

 තම තරුණ අනියම් පෙම්වතා සමග රාති‍්‍ර ආහාර ගැනීමට සුපිරි රාති‍්‍ර අවන්හලකට පැමිණ අධික බීමත්කම නිසා ආහාර ලබාදීමේදී ප‍්‍රමාද වූවේ යැයි එම අවන්හ...


 තම තරුණ අනියම් පෙම්වතා සමග රාති‍්‍ර ආහාර ගැනීමට සුපිරි රාති‍්‍ර අවන්හලකට පැමිණ අධික බීමත්කම නිසා ආහාර ලබාදීමේදී ප‍්‍රමාද වූවේ යැයි එම අවන්හල තුළ සේවකයන්ට බැණ වදිමින් යකා නටා පොලිස් අත්අඩංගුවට පත්වූ 66 හැවිරිදි කෝටිපති කතට සහ ඇගේ අනියම් පෙම්වතා අධිකරණය හමුවට පැමිණවූ අවස්ථාවේ ඔවුනට රුපියල් 5000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ 2 බැගින් ශරීර ඇපමත අත්අඩංගුවෙන් මුදාහැරීමට නියෝග කළ මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් පී‍්‍රමාල් අමරසිංහ මහතා සැකකරුවන්ට තරයේ අවවාද කරන ලදී.


මෙම සිද්ධියට අදාළව කොච්චිකඬේ පොලිසියේ සැරයන් (45573) ජයන්ත වීරසිංහ මහතා විසින් ගොනුකළ පැමිණිල්ල අනුව 28 හැවිරිදි තරුණයකු සමග අනියම් පෙම්දමක පැටලී ඇති කෝටිපති ව්‍යාපාරික කත අවුරුදු 66 ක වයෝවෘද්ධ කාන්තාවකි. මෙම සිද්ධිය වූ දින රාති‍්‍ර අධික බීමතින් සැකකාර යුවළ රාති‍්‍ර ආහාර ගැනීම සඳහා කොච්චිකඬේ ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රධාන රාති‍්‍ර අවන්හලකට පැමිණ ඔවුනට අවශ්‍ය රාති‍්‍ර ආහාර ඇණවුම් කර හෝටලය තුළට වී සිට ඇත.


ඉන් සුළු මොහොතකට පසුව කෝටිපති සැකකාරිය සහ අගේ සැමියා හෝටලය තුළ සිටින කාර්ය මණ්ඩලයට ඔවුන් ඇණවුම් කළ ආහාර ඒ වන විටත් නොලැබූ බව කියමින් හෝටල් සේවකයන්ට කුණුහරුපයෙන් බැණ වැදී ඔවුනට පහරදීමටද තැත්කර තිබේ.


පසුව අවන්හල හිමිකරු විසින් මෙම සිද්ධිය පිළිබඳව කොච්චිකඬේ පොලිසිය දැනුවත් කර ඇත. ඉන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි. මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් පද්මකුමාර මහතා සැකකරුවන් අතින් වූ සිදුවීම වෙනුවෙන් ඔවුන් අධිකරණයෙන් සමාව අයැද සිටින අතර සැකකරුවන්ට ඇප නියම විණි. වැඩිදුර විභාගය දෙසැම්බර් 18 දක්වා කල්තැබිණි. කොච්චිකඬේ පොලිසියේ සැරයන් (45573) ජයන්ත වීරසිංහ මහතා විසින් පැමිණිල්ල මෙහෙයවිය.

noizetv

No comments

Ads Place