Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙක් අතුරුදහන්

කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ මහජන ආරක්ෂක කළමණාකරන කොට්ඨාසයට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු පසුගිය 30 වැනිදා දින ස...


කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ මහජන ආරක්ෂක කළමණාකරන කොට්ඨාසයට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු පසුගිය 30 වැනිදා දින සිට අතුරුදන්වී ඇතැයි දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය පවසනවා.


දඹුල්ල කණ්ඩලම ඇරැව්වල හන්දිය ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයාගේ පියා විසින් පසුගිය 02 දින දඹුල්ල පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කොට ඇත්තේ තම පුත්‍රයා පසුගිය තිස් වන දින සේවයට යන බව පවසා නිවසින් බැහැරව ගිය බවත් පසුව ඔහුගේ ගමන් බෑගය නිවස ආසන්නයේ තිබී හමු වූ බවත් ගමන් ගත් යතුරු පැදිය දඹුල්ල ප්‍රදේශයේ ගරාජයක තිබී හමු වූ බවත් පැමිණිලි කොට තිබෙනවා.


මෙසේ අතුරුදන්ව ඇත්තේ කොළඹ පොලිස් කේෂ්ත්‍ර බලකා මුලස්ථානයේ මහජන ආරක්ෂක කළමණාකරන කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් 27516 කේ. එම් .එස් .ජී .සී. ඩබ්ලිව්. එස් . කරුණානායක යන පොලිස් කොස්තාපල්වරයා බව දඹුල්ල පොලිසිය පවසනවා.


පොලිස් කොස්තාපල්වරයාගේ පියා නන්දන කරුණානායක මහා පසුගිය 02 දින දඹුල්ල පොලිසියට පැමිණ තම පුත්‍රයා නිවසින් බැහැරව ගිය පසුගිය තිස් වන දින බවත් එදිිනම රාත්‍රියේ රත්නපුර ප්‍රදේශයේ තම ඥාති අයෙකුට කතා කොට සේවයට වාර්තා නොකළ බව දැනුම් දී ඇතැයි තමන්ට දැන ගැනීමට ලැබුණු බවත් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.


එම අවස්ථාවේ සිට ම පුත්‍රයා පිළිබඳව බරපතල සැකයක් මතු වීම නිසා සොයා බැලූ බවත් එහෙත් ම පුත්‍රයා ගමන් කළ යතුරුපැදිය දඹුල්ල ප්‍රදේශයේ ගරාජයක නවතා දමා තිබියදී ආරක්ෂක හිස් හිස්වැසුම මෙන්ම යතුර හමුවූ බව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් තිබෙනවා.


කෙසේවෙතත් මෙම පොලිස් කොස්තාපල්වරයා භාවිතා කළ දුරකථන විසන්ධි කර තිබීම නිසා තොරතුරු ලබා ගැනීමට නො හැකි වී තිබෙන බවත් කෙසේ වෙතත් ඔහු ඇසුරු කළ පුද්ගලයන් සහ ආසන්න වශයෙන් ගමන් ගත් ප්‍රදේශ නගර පිලිබඳවත් ආරක්ෂිත කැමරා පද්ධති පිළිබඳවත් සොයා බැලූ බව සඳහන් කළේය.


එමෙන්ම ඉහළ පොලිස් නිලධාරීන්ට මේ පිළිබඳව දැනුම් දී පොලිස් කොස්තාපල්වරයා භාවිතා කළ ජංගම දුරකථන තොරතුරු ලබාගැනීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.

nethnews

No comments

Ads Place