Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෑම උයන්න හොඳම භාජනය කුමක්ද?

  නිවෙසේ සාමාජිකයන් රැඳෙන තරමට ගෘහණියට වැඩි වාර ගණනක් ආහාර පාන සම්පාදනය කිරීමට සිදුවෙනවා. කෝවිඩ් සමඟ නිතර සංචරණ සීමා අලුත් වෙද්දී මේ අත්දැකී...

 


නිවෙසේ සාමාජිකයන් රැඳෙන තරමට ගෘහණියට වැඩි වාර ගණනක් ආහාර පාන සම්පාදනය කිරීමට සිදුවෙනවා. කෝවිඩ් සමඟ නිතර සංචරණ සීමා අලුත් වෙද්දී මේ අත්දැකීමට ඔබත් නිරන්තරයෙන්ම මුහුණ පානවා ඇති.


රසමසවුළුවලින් නිවැසියන් සන්තර්පණය කිරීමේදී කෑම පිසීමට මොන තරම් භාජන තෝරා ගන්නවාද? ඇලුමිනියම්, නොන් - ස්ටික්, පිඟන් මැටි, මල නො බැඳෙන වානේ, යකඩ, මැටි ආදී විවිධවූ බඳුන් මේ අතරින් ප්‍රධානයි. පලිබෝධ නාශකවලින්, කෘමිනාශකවලින් ආහාරවලට එක්වන වස විස ගැන අප නිතරම අසා තිබෙනවා. එහෙත් භාජනවලින් සිරුරට එක්වන වස විස ගැන වැඩි දෙනකුට එතරම් අවබෝධයක් නැහැ. ඔබ නො දන්නවාට පිසීමට ගන්නා ආහාර වගේම පිසීමට ගන්නා භාජන ද විස ආකර වීමට පුළුවන්. මෙහි ප්‍රතිඵල තයිරොයිඩ් ගැටලු, හෝර්මෝන අසමතුලිතතාව, මතකය අහිමි වීම, හදවතේ ගැටලු, වකුගඩු ආබාධ, පිළිකා වැනි රෝගාබාධයන්ය. මලබද්ධය, සමේ ගැටලු, ශක්තිය අඩු වීම, අංශභාගය, අක්මා ගැටලු, මොළයේ අක්‍රමිකතා ද මේ හේතුවෙන් හට ගැනීමට පුළුවන.


අපව රෝගී නො කරන භාජන මොනවාද?


නොන් - ස්ටික් බඳුන්


අද කාලයේ ගෘහණියගේ වැඩිම ඉල්ලුම ඇත්තේ නොන් - ස්ටික් බඳුන්වලටයි. ගෘහ උපකරණ අලෙවි සලකට ගිය ද වැඩිපුර දක්නට ඇත්තේ මෙවැනි බඳුන්ය. ඊට හේතුව ඒවා භාවිත කිරීමට ඇති පහසුවයි. ලෙහෙසියෙන් පිරිසුදු කළ හැකි, සැහැල්ලු, අඩු තෙල් ප්‍රමාණයක් අවශ්‍ය නොන් - ස්ටික් බඳුන් කාලයේ තාලයට ගැළපෙන්නකි. එහෙත් එය සෞඛ්‍යයට කෙතරම් හිතකරද? ආහාර පිසීමට ගන්නා බඳුන් අතරින් වඩාත් අහිතකර උපකරණය වන්නේ මෙයයි. බොහෝ නොන් - ස්ටික් බඳුන්වල තවරා ඇත්තේ පොලි ටෙට්රා ෆ්ලූරෝ එතිලීන්, ටැෆ්ලෝන් වැනි රසායනවලිනි. මෙවැනි බඳුන්වල ආහාර පිසින විට ඉහත සඳහන් කළ රසායන රත්වී විස දුමක් පිට වෙනවා. විස දුමේ මර්කරි, කැඩ්මියම් වැනි විස ලෝහ අඩංගුයි. පොදුවේ සිරුරටත් විශේෂයෙන් මොළයට හා පෙණහලුවලට ඒවායින් බරපතළ හානි සිදුවෙයි.


මිලෙන් අඩු නොන් - ස්ටික් බඳුන්වල මාරාන්තික විසක් වන පර්ෆ්ලූරෝඔක්ටනොයික් අම්ලය තවරා තිබෙයි. මේවා පිළිකාකාරකයි. තමන් පිළිකාවකට ගොදුරු වූයේ ඇයිදැයි සිතාගත නොහැකි අය සමාජයේ ඕනෑතරම්ය. හේතුව ඇතැම් විට මුළුතැන් ගෙයි ඇති නොන් - ස්ටික් බඳුන විය හැකියි.


ග්‍රැනිට් ආහාර පිසින බඳුන්


මේ බඳුන්වල ද ගල්වා ඇත්තේ ද ඉහත දැක්වූ රසායනමය. එනිසා ප්‍රතිඵල එකමයි.


ඇලුමිනියම් බඳුන්


කාලයක් භාවිත කළ හැකි, ලාබදායක, සවිමත්,සැහැල්ලු ඇලුමිනියම් බඳුන් ද බොහෝ ගෘහණියන්ගේ තෝරා ගැනීමයි. අවාසනාවකට ඇලුමිනියම් බඳුන්වල ඇලුමිනියම් ආහාර පිසීමේදී ආහාරයට එක්වෙයි. ඔබටම මෙහි ඇත්ත නැත්ත තහවුරු කරගත හැකියි. අලුත මිලදීගත් බඳුනේ බර බලන්න. වසර තුනකට පසු එහි බර තිරන්න. උපකරණයේ බර සැලකිය යුතු මට්ටමින් අඩු වෙනවා. ඇලුමිනියම් තයිරොයිඩ් ග්‍රන්ථියට අක්මාවට විසයි. මලබද්ධය, සමේ ගැටලු, දුබල බව, අංශභාගය, අක්මා ගැටලු, හෘද ගැටලු, මොළයේ අක්‍රමිකතා ඇති කරනවා. විවිධාකාරයේ ඇලුමිනියම් බඳුන් වෙළෙඳ පොලේ තිබෙනවා. රසායන ආලේපිත ඇලුමිනියම් බඳුන්, ඔප දැමූ බඳුන් ආදී විවිධාකාරයෙන් මේවා තිබුණ ද සියල්ලම භාවිතයට සුදුසු නැහැ.


මල නො බැඳෙන ලෝහ බඳුන්


සියයට සියයක් මල නො බැඳෙන ලෝහ බඳුන් ඉහත බඳුන්වලට වඩා සෞඛ්‍ය ආරක්ෂිතයි. එහෙත් අවදානමක් නැත්තේ ද නැහැ. තඹ එක්කළ ලෝහ බඳුන් භාවිත නො කළ යුත්තේ ඒවා තෙල් සහ ආම්ලික ආහාර සමග ප්‍රතික්‍රියා කරන බැවිනි. මල නො බැඳෙන ලෝහ බඳුන් පමණට වඩා ඔප දැමීමට නිකල් යොදන අතර ඒවා උග්‍ර විස සහිතයි. මල නො බැඳෙන ලෝහ බඳුන් මිලදී ගැනීමේදී ක්‍රෝමියම් - නිකල් අනුපාතය දෙස බලන්න. නිකල් අනුපාතය අඩුවූ තරමට එය භාවිතයට හිතකරයි. අවාසනාවකට බොහෝ බඳුන්වල එක්ස් - වයි ලෙස ( යර ) සඳහන්කළ යුතු ක්‍රෝමියම් - නිකල් අනුපාතය සඳහන්කර නැහැ. ක්‍රෝමියම් එක්ස්වලින් ( x ) ද නිකල් වයිවලින්( y ) ද සඳහන්කර තිබෙනවා.


ආහාර පිසින සෙරමික් බඳුන්


මේ බඳුන් නම් සියයට සියයක්ම වාගේ සෞඛ්‍ය ආරක්ෂිතයි. එහෙත් මේවා දුර්ලබයි වාගේම මිලෙන් ඉතා ඉහළයි.


යකඩ, පිත්තල, වීදුරු, ලෝකඩ බඳුන් සෞඛ්‍යයට අහිතකර නැති වුණත් බරින් වැඩිකමත් මල බැඳීමට ඇති ඉඩත් යකඩ බඳුන්වල ඇති අවාසියක්. මල බැඳුණු බඳුන්වල කෑම පිසීම සුදුසු නැහැ. පිත්තල බඳුන්වල කෑම පිසීමේදී ආහාරවල පෝෂ්‍ය ගුණයෙන් සියයට 93 ක්ම සුරැකෙයි.


ඇලුමිනියම් බඳුන්වල කෑම පිසීමේදී පෝෂකවලින් ආරක්ෂා වන්නේ සියයට 13 ක් පමණයි. වීදුරු බඳුන්වල ආහාර පිසීම හොඳ පියවරකි. මයික්‍රොවේව් උඳුන්වල පිසීමේදී වැඩි දෙනෙක් යොදා ගන්නේ වීදුරු බඳුන්. කන්සා ලෝහ නැත්නම් ලෝකඩ බඳුන් පෝෂකවලින් සියයට 97 ක් සුරකියි. අවාසනාවකට මේවා වෙළඳ පොළේ දක්නට ඇත්තේ අඩුවෙන්.


ආහාර පිසින බඳුන් වගේම පිසින ආකාරය ද අපේ සෞඛ්‍යයට බලපායි. ප්‍රෙෂර් කුකර් නැත්නම් පීඩන උඳුනේ පිසීමේදී වැදගත් පෝෂක බොහොමයක් ( සියයට අනූවක් පමණ 90%) අහිමි වෙයි. බොහොමයක් පීඩන උඳුන් සාදා ඇත්තේ ඇලුමිනියම්වලින්. එයත් අවාසියක්.


මැටි බඳුන් ආහාර පිසීමට කදිමයි. පෝෂණ ගුණය සියයට සියයක්ම රැකෙන අන්දමින් මැටි බඳුන්වල කෑම පිසීමට හැකියි. මැටි බඳුන්වල පිසින කෑම රසයෙන් ද ඉහළයි.

tharunee

No comments

Ads Place