Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපේ යෝජනා ගැන සුබවාදීව බලන්න

  කොරෝනා මර්දනය සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනා මාලාව දෙස රජය සුබවාදීව බලා ඒවා ක්‍රියාත්මක කරනු ඇතැයි සිතන බව එක්සත් ජාතික පක්ෂ නි...

 


කොරෝනා මර්දනය සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනා මාලාව දෙස රජය සුබවාදීව බලා ඒවා ක්‍රියාත්මක කරනු ඇතැයි සිතන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.


එක්සත් ජාතික පක්ෂය ලෙස මේ අවස්ථාවේදී කටයුතු කරන්නේ රජය වටලන්න හෝ විරුද්ධව වැඩ කිරීමෙි අදහසින් නොවන බව කී විජයවර්ධන මහතා රටට නිදහස ලබාදුන් පක්ෂය ලෙස වසංගතයෙන් ගොඩ ඒම සඳහා දායක වීමට එජාපයට යුතුකමක් මෙන්ම වගකීමක් තිබෙන බවද සඳහන් කළේය.


වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් රුවන් විජයවර්ධන මහතා කීවෙි සියලූ වාදබේද දුරලා රටක් ලෙස සිතා මේ ජාතික ව්‍යසනයෙන් මිදීමට කටයුතු කළ යුතු බවයි.

lankadeepa newspaper

No comments

Ads Place