Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොටහළු මඟුලකින් 85කට කොරෝනා… පවුල් 40 කුත් නිරෝධායනයට…

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය ට අයත් පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ, මල්වර උත්සවයක් සඳහා සහභාගී වු පුද්ගලයින්ට හා එහි ආශ්‍රිතයි...



බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය ට අයත් පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ, මල්වර උත්සවයක් සඳහා සහභාගී වු පුද්ගලයින්ට හා එහි ආශ්‍රිතයින් 85දෙනෙක් ට කොවිඩ් ආසාදනය වී තිබේන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කිහ.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නිවසක පැවැත්වීමට සුදානම් කර තිබු මල්වර උත්සවයක් පසුගිය 24 වන දා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මැදිහත්ව නවතා දමා ඇත.

මල්වර උත්සවය පැවැත්වීමට සුදානම් කර තිබුණ දින එයට උදව්වීම සඳහා පුද්ගලයින් 35දෙනෙක් පමණ එම නිවසට පැමිණ තිබේන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අදාළ උත්සවය නවතා දැමීම හේතුවෙන් පිසින ලද ආහාර සියල්ල නිවැසියා විසින් උත්සවයට ආරාධනා කරන ලද ගම්වැසියන්ගේ නිවෙස්වලට පාර්සල් කර ගෙන ගොස් දී ඇත.

ජූලි 26 වන දා එම නිවසේ ආහාර සැකසීමට පැමිණි පුද්ගලයෙකුට ඇති වු රෝගී තත්ත්වයක් මත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකිරීමේ දී ඔහු ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

පසුව ඉදිරි දින කිහිපය තුළ එම ගමේම තවත් පුද්ගලයින් 23දෙනෙකුට ම කොවිඩ් 19ආසාදිත බවට තහවුරු වී ඇත.

ඉන්පසුව ආශ්‍රිතයින් 212දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ ගොරකදෙණිය ලංකාරාම විහාරස්ථානයේ දී ඊයේ (31) සිදුකර තිබේ.

එයින් පුද්ගලයින් 62ක් ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති අතර ආසාදිතයින් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට නියමිතය.

ගොරකදෙනිය ප්‍රදේශයේ පවුල් 40කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට නිරෝධායනට ලක්කර තිබේන අතර කෙසේ වෙතත් ආහාර පිසීම සඳහා ගොස් ඇති පුද්ගලයා කොවිඩ් ආසාදිතව සිටිය දී එම කටයුත්ත සිදුකිරීම පිළිබඳව ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජී. සිංහබාහු මහතා සහ බේරුවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ යන මහත්වරු අදාළ පුද්ගලයාට දැඩි ලෙස අවවාද කළේය.

ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අර්.ජි. සිංහ බාහු මහතා . මෙසේ එම අරක්කැමියා හමුවේ පැවසීය.

“ඔයාට ලෙඩේ හැදිලා තියෙද්දි තමයි ඔයා ඒ මංගල උත්සවයට උයන්න යන්නේ. ගෙදර එක්කෙනාගෙන් ඇහුවහම එයා කියනවා අපි ගෙදර කට්ටියලු ගෙදර ඉව්වේ කියලා. ගෙදර ඔයා ඉව්වා දැන් ගමම ඉවරයි. කෑම මඟුල් ගෙදර තහනම් කරා ට අපි කෑම ටික ඔක්කෝම ගමේ බෙදුවනේ. මිනිස්සු කෑවනේ ඒ කෑම. ඔයා උයපු. ගමම ඉවරයි. අද 64ක්. ඊට කලින් 23ක්. බලන්න කරපු අපරාදේ. අපි කියලා තියෙනවා නේ කොටහලු උත්සව කරන්න එපා කියලා. ඒක පිළිපැද්දේ නැති නිසා ගමට කරපු විපත. ඔයා පිළිගන්නවා ද? යැයි ඒ මහතා කිය.

lankacnews

No comments

Ads Place