Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 816 ක්

 ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 816 ක පමණ මුදලක් (එස්ඞීආර් මිලියන 554.8ක් * ලැබීමට සුදුසුකම් ලබා ඇත. එම අරමු...


 ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 816 ක පමණ මුදලක් (එස්ඞීආර් මිලියන 554.8ක් * ලැබීමට සුදුසුකම් ලබා ඇත. එම අරමුදල මගින් සිය සාමාජික රටවලට එහි ඉතිහාසයේ විශාලතම විශේෂ ගැනුම් හිමිකම්  වෙන් කිරීම සිදුකර ඇත.


 ඇමරිකානු ඩොලර් බිලියන 650 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉතිහාසයේ විශාලතම විශේෂ ගැනුම් හිමිකම් වෙන් කිරීම පෙරේදා (23දා* සිට බලාත්මක වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක‍්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය සඳහන් කර ඇත. මෙම වෙන් කිරීම ලෝකය සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන අතර, ඥානාන්විතව භාවිත කරන්නේ නම්, මෙම පෙර නොවූ විරූ අර්බුදයට එරෙහිව සටන් කිරීමට සුවිශේෂී අවස්ථාවක් උදා කරනු ඇති බව ද ඇය පවසයි.

devaina

No comments

Ads Place