Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අරක්කු බෝතල් 628ක් සමග තිදෙනෙක් මාට්ටු

  නිරෝධායන ඇඳිරි නීති සමයේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා රජයේ අරක්කු බෝතල් 628 ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථ...

 


නිරෝධායන ඇඳිරි නීති සමයේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා රජයේ අරක්කු බෝතල් 628 ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.


මොවුන් ඉංගිරිය, වත්තල, මහව යන ප්‍රදේශවලදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.


ඉංගිරිය ප්‍රදේශයේදී වෑන් රථයකින් අරක්කු බෝතල් 208ක ප්‍රමාණයක් සමඟ සැකකරුවකු ද, මහව නාගොල්ලාගම ප්‍රදේශයේ අරක්කු බෝතල් 424 සමග සැකකරුවකු ද, වත්තල නගරයේ දී අරක්කු බෝතල් 96 සමඟ ද වශයෙන් මෙම අරක්කු  අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.


මෙම අරක්කු වෑන් රථවලින් ප්‍රවාහනය කළ ද ඒ වෙනුවෙන් ඔවුන් සන්තකයේ කිසිදු බලපත්‍රයක් තිබේ නොමැත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

lankadeepa

No comments

Ads Place