Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවුරුදු 60 ට අඩු කොරෝනා මරණත් ක්‍රමයෙන් ඉහළට

දෛනිකව වාර්තාවන පුද්ගල මරණ අතර වයස අවුරුදු 60ට අඩු පුද්ගලයින්ගේ මරණවලද ක්‍රමික වැඩිවීමක් දක්නට ලැබෙනවා.  ඉකුත් 15වනදා සිට ගත් කළ ඊයේ දිනය දක...


දෛනිකව වාර්තාවන පුද්ගල මරණ අතර වයස අවුරුදු 60ට අඩු පුද්ගලයින්ගේ මරණවලද ක්‍රමික වැඩිවීමක් දක්නට ලැබෙනවා. 


ඉකුත් 15වනදා සිට ගත් කළ ඊයේ දිනය දක්වා සිදුවූ පුද්ගල මරණ අතර අවුරුදු 60ට අඩු පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාත්මකව 37ත් 40ත් අතර ද පවතින බව දැක ගත හැකියි. 


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කරන ලද පුද්ගල මරණ අතර ද අවුරුදු 60ට අඩු පුද්ගලයින් 39ක් සිටිනවා. 


ඊයේ තහවුරු කරන ලද පුද්ගල මරණ සංඛ්‍යාව 186ක්. ඉන් සිව් දෙනෙකු වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින්. ඒ අතරට කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු අයත්. 


තවත් 35 දෙනෙකු අවුරුදු 30ත් 59 අතර වයසේ පසු වුවන්. ඒ අතර කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 17 දෙනෙකු වනවා. 


ඊයේ දිනයේ තහවුරු කරන ලද පුද්ගල මරණ අතරින් 147ක්ම වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින්. ඒ අතර කාන්තාවන් 56 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 91 දෙනෙකු වනවා. 


ඊයේ දිනයේ මෙලෙස තහවුරු කළේ ඉකුත් 18වනදා සිදුවු කොරෝනා ආසාදිතයින්ගේ පුද්ගල මරණයි. 


ඉකුත් 17වනදාද පුද්ගල මරණ 170ක් සිදුව තිබුණා. ඉන් 40 දෙනෙකුම වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයින්. 


ඉකුත් 16වනදා සිදුවූ පුද්ගල මරණ අතරින් 39ක්ම වයස අවුරුදු 60ට අඩු පුද්ගලයින්ගේයි. ඉකුත් 15වනදා සිදුවූ පුද්ගල මරණ 167න් 37 දෙනෙකුම වයස අවුරුදු 60ට අඩු පුද්ගලයින් වුණා. 


මෙලෙස ජීවිතක්ෂයට පත්වන බහුතරය එන්නත් දෙකම ලබා නොගත් අය බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.     

nethnews

No comments

Ads Place