Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සතියකදී සීනි කිලෝව රු. 50 කින් වැඩිවෙලා…. විපක්‍ෂ නායක සජිත්ගෙන් නිවේදනයක්

  රුපියල් 160ක්ව පැවැති සීනි කිලෝවක මිල සතියක් තුළ රුපියල් 50කින් පමණ ඉහළ ගොස් ඇති බවත් මිල පාලනය ආණ්ඩුවෙන් ගිලිහී ඇති ආකාරය ඉන් පැහැදිලි බව...

 


රුපියල් 160ක්ව පැවැති සීනි කිලෝවක මිල සතියක් තුළ රුපියල් 50කින් පමණ ඉහළ ගොස් ඇති බවත් මිල පාලනය ආණ්ඩුවෙන් ගිලිහී ඇති ආකාරය ඉන් පැහැදිලි බවත් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් සඳහන් කරයි.


එමෙන්ම අසාමාන්‍ය ලෙස කිරිපිටි හිඟයක් දක්නට ඇති බවත් ඉන්ධන, ගෑස්, හාල්, ඖෂධ, පාන් ඇතුළු බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවත් එහි සඳහන් වෙයි. එම ප‍්‍රකාශයේ මෙසේද දැක්වෙයි.


නිරෝධායනය වන ජනතාවට ලබා දෙන සහන මල්ල උදුරාගත් ආණ්ඩුව ඉන් අනතුරුව අසරණ ජනතාව ඉලක්ක කොටගෙන තවත් මරු පහරක් එල්ල කොට තිබේ. ඒ එතෙක් ලබාදුන් රු. 5000/= දීමනාව වෙනුවට රු. 1998ක ඊනියා සහන මල්ලක් ලබා දෙන්නට තීන්දු කිරීම ය. එය ද ඇණවුම් කළ විට අය කිරීමකින් තොරව නිවසට එවීම සම්බන්ධයෙන් ආණ්ඩුව කරන ප‍්‍රකාශ සාවi ය.


පසුගිය සතියේ සීනි කිලෝවක මිල රුපියල් 160ක් ලෙස පැවති අතර, සතියක් තුළ සීනි කිලෝවක් රුපියල් 50කින් පමණ ඉහළ ගොස් තිබේ. මිල පාලනය ආණ්ඩුවෙන් ගිලිහී ඇති ආකාරය එයින්ම පැහැදිලි වෙයි. වෙළෙඳපොළ තුළ අසාමාන්‍ය ලෙස කිරිපිටි හිඟයක් දක්නට ඇති අතර ඉන්ධන, ගෑස් හාල් ඖෂධ පාන් ඇතුළු බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇත.


ඕනෑතරම් ඖෂධ රට තුළ ඇති බවට මුසාවාදා පවසන ආණ්ඩුවේ වගකිවයුතු ඇමැතිවරු ඒ අතරේ තානාපතිවරුන් හරහා ඖෂධ ඉල්ලමින් සිටිති. එනයින් ගම්‍ය වන්නේ රට ගොඩනැඟීම කෙසේ වෙතත් රටේ ජනතාවට අත්‍යවශ්‍යම අවම පහසුකම්ටික හෝ සැලසීමට ආණ්ඩුවට නොහැකි බවය.


ශ‍්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් පිළිබඳව පරීක්‍ෂණයට ලක්වන පුද්ගලයන්ගෙන් ආසාදිතයන් හමුවීමේ අනුපාතය 15.8%ක අනුපාතය ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන අතර අතිශය භයානක තත්ත්වයක් බව ඔවුන්ගේ පුරෝකතනයයි.


මේ අතර බෙහෙත් වට්ටෝරු, ඇණවුම්, ලියාපදිංචිය ආදී තොරතුරු ඇතුළත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්ලවුඞ් හෙවත් දත්ත අවකාශයේ ගබඩා කළ තොරතුරු මැකී යෑම බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු ආන්දෝලනාත්මක සිදුවීමකි. මේ දත්ත මැකීම පිටුපස ජාවාරම්කරුවන් පිරිසක් සිටිනවාද යන්න පිළිබඳව නිරවද්‍ය අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදුකළ යුතුය.


ශ‍්‍රී ලංකාව සුරක්‍ෂිත කිරීම සඳහා වන ඒකාබද්ධ සැලසුම් කෙරෙහි අවධානය යොමුකරනවා වෙනුවට දවසින් දවස ආණ්ඩුව සිදුකරමින් සිටින්නේ එදාවේල ගත කිරීම වෙනුවෙන් මාතෘකා ඇති කිරීමය. මේ තත්ත්වය පිළිබඳව සමගි ජනබලවේගයේ දැඩි අවධානය යොමුව ඇති අතර කඩාවැටී ඇති සහ කඩාවැටෙමින් ඇති ශ‍්‍රී ලංකාව ගොඩනැඟීම වෙනුවෙන් ආණ්ඩුව ගනු ලබන ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව අපි දැඩි වුවමනාවෙන් යුතුව සිටින බව ද දන්වා සිටිමු.

devaina

No comments

Ads Place