Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට පුර්ණ එන්නත්කරණය ලක්ෂ 50 ඉක්මවයි!

  මෙරට තුළ කොවිඩ් මර්දන එන්නත්කරණ සම්පූර්ණ කළ පිරිස ලක්ෂ 50 ඉක්මවා ගොස් තිබේ. ඊයේ දිනයේදී පුද්ගලයින් 124,131 දෙනෙකු සඳහා දෙවන මාත්‍රාව ලබාදි...

 


මෙරට තුළ කොවිඩ් මර්දන එන්නත්කරණ සම්පූර්ණ කළ පිරිස ලක්ෂ 50 ඉක්මවා ගොස් තිබේ.


ඊයේ දිනයේදී පුද්ගලයින් 124,131 දෙනෙකු සඳහා දෙවන මාත්‍රාව ලබාදිමත් සමඟ මාත්‍රා දෙකම සම්පූර්ණ කළ සංඛ්‍යාව 5,124,185 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාඥයින් සඳහන් කළේය.


ඒ අනුව මෙරට ජනගහනයෙන් සියයට 24ක් කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කර තිබේ.


එමෙන්ම පුද්ගලයින් 12,019,193 දෙනෙකු මේ වන විට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති අතර එය ජනගහනයෙන්  සියයට 56ක ප්‍රතිශතයක් වේ.


කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ (18) දිනය තුළ පුද්ගලයින් 164,298 දෙනෙකු සඳහා එන්නත්කරණය සිදුකළ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

noizetv

No comments

Ads Place