Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරටින් දෛනිකව හදුනා ගැනෙන කොරා්නා ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට 4,500 සීමාවට

 මෙරටින් දෛනිකව හදුනා ගැනෙන කොරා්නා ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට 4,500 සීමාවට ආසන්න වී තිබෙනවා.  ඒ, ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 4,4...


 මෙරටින් දෛනිකව හදුනා ගැනෙන කොරා්නා ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට 4,500 සීමාවට ආසන්න වී තිබෙනවා. 


ඒ, ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 4,483 දෙනාත් සමගයි. කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා දිනකදී හදුනා ගැණුනු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වනවා. 


නෙත් නිවුස් කළ විමසීමකදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ගම්පහ, කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින්ද ගාල්ල, අම්පාර, 


කිලිනොච්චිය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලින් ද වැඩි වශයෙන් ආසාදිතයින් හදුනාගෙන ඇති බවයි.


මෙලෙස ඊයේ දිනයේ තහවුරු කර තිබුණේ ඉකුත් අගහරුවාදා සිදුවූ කොරෝනා මරණයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙලෙස මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 30ත් 59 ත් අතර කාණ්ඩයට අයත් පුද්ගලයින් 51 දෙනෙකු වනවා. 


වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයෙකුද කොරෝනා ආසාදිතව ඉකුත් අගහරුවාදා මියගොස් තිබෙනවා.

nethnews

No comments

Ads Place