Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට පලමු වරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,000 සීමාව ඉක්මවයි

මෙරට පලමු වරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,000 සීමාව ඊයේ ඉක්මවා ගියා.  ඒ, ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 4,282 දෙනෙකු වාර්තා වී...


මෙරට පලමු වරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,000 සීමාව ඊයේ ඉක්මවා ගියා. 


ඒ, ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 4,282 දෙනෙකු වාර්තා වීමත් සමගයි. 


ඒ අනුව මේවනවිට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 90,000 ක්. කෙසේවෙතත් ඉන් සක්‍රීය රෝගීන් ලෙස මේවනවිට වාර්තා වන්නේ ආසාදිතයින් 40,475 දෙනෙකු පමණයි. 


මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ තවත් කොරෝනා  මරණ 183 ක් තහවුරු කළා. 


එම සියලු මරණ ඉකුත් 21 වනදා සිදුව ඇති බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ. 


එලෙස මියගිය පුද්ගලයින්ගෙන් 136 දෙනෙකුම අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩවල පසුවූවන්. අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ පසුවූ පුද්ගලයින් 45 දෙනෙකු හා අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ පසුවූ පුද්ගලයින් 02 දෙදෙනෙකු ද මියගිය පුද්ගලයින් අතර වනවා. 


මේ අතර කොරෝනා ආසාදිතව මෙරටදී මේවනවිට මියගොස් ඇති පුද්ගලයින්ගෙන් සියයට 91 ක්ම කිසිඳු කොරෝනා එන්නතක් ලබා නොගත් පුද්ගලයින් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ පැවසුවේ. 


දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළයාමත් සමග රෝහල් තුළ ඔක්සිජන් භාවිතය ද ඉහළ යමින් තිබෙන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ  වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පැවසුවේ. 

nethnews

No comments

Ads Place