Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැලඳී දින 3කින් ඩෙල්ටා ලකුණු මතුවේ!

 ඩෙල්ටා වැලඳුණු අයකුගෙන් වෙනත් අයකුට එම වයිරසය සම්ප්‍රේෂණය වූ පසු දින තුනක් (3) ඇතුළත රෝග ලක්ෂණ මතුවන බව වෛද්‍ය පර් යේෂණ ආයතනයේ වයිරස රෝග පි...


 ඩෙල්ටා වැලඳුණු අයකුගෙන් වෙනත් අයකුට එම වයිරසය සම්ප්‍රේෂණය වූ පසු දින තුනක් (3) ඇතුළත රෝග ලක්ෂණ මතුවන බව වෛද්‍ය පර් යේෂණ ආයතනයේ වයිරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ පවසයි.


ඊයේ (11 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.


එසේම මෙරට ව්‍යාප්ත වූ වයිරස් ප්‍රභේද වන ඇල්ෆා ප්‍රදේශයට වඩා දෙගුණයක වේගයෙන් ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.


එම නිසා නිසි සෞඛ්‍ය උපදෙස් අඛණ්ඩව අනුගමනය කරන ලෙස වෛද්‍යවරයා ඉල්ලා සිටී.


තවද වායුසමීකරණය කරන ලද කාමරවල සිටින පුද්ගලයන් සෑම විට මුව ආවරණ දෙකක් පැලඳීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියේය.


එන්නත් ලබාගත් පුද්ගලයන්ගේ ප්‍රතිදේහ වර්ධනය වීමට වඩා වේගයෙන් ඩෙල්ටා ප්‍රභේදය සම්ප්‍රේෂණය වන බව ද හඳුනාගෙන ඇත.


රටේ සියලු ජනතාවගෙන් සියයට අසූවක්වත් එන්නත් ලබාගෙන අවසන් වනතෙක් මෙම වයිරසයෙන් බේරී සිටීමට කටයුතු කරන ලෙස විශේෂඥ වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

noizetv

No comments

Ads Place