Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආනයන වියදම 30.5% කින් ඉහළට

 මේ වසරේ (2021) පළමු මාස හයේදී ශී‍්‍ර ලංකාවේ ආනයන වියදම සියයට 30.5 කින් ඉහළ ගොස් ඇත.  මේ අනුව ගිය වසරේ (2020) මුල් මාස හයේදී වාර්තා වූ ඇමෙරි...


 මේ වසරේ (2021) පළමු මාස හයේදී ශී‍්‍ර ලංකාවේ ආනයන වියදම සියයට 30.5 කින් ඉහළ ගොස් ඇත.


 මේ අනුව ගිය වසරේ (2020) මුල් මාස හයේදී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 7675 ක් වූ ආනයන වියදම මේ වසරේ (2021) මුල් මාස හයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 10,015 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.


 මේ කාලයේදී අපනයන ආදායම ද ඇමෙරිකානු ඩොලර් මිලියන 5699 ක් දක්වා සියයට 29.1 කින් ඉහළ ගොස් තිබේ. එහෙත් අපනයන ආදායම වැඩිවීමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් වර්ධනය වීම නිසා වෙළෙඳ හිඟය (අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය) ද මේ කාලයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 3262 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 4316 ක් දක්වා වර්ධනය වී තිබේ.


 මේ කාලයේදී ආනයන වියදම් වර්ධනය වීමට වැඩි වශයෙන් ම හේතු වී ඇත්තේ ඉන්ධන ආනයන වියදම් ඇමෙරිකානු ඩොලර් මිලියන 543.8 කින් වර්ධනය වීමයි.


 ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකින් මේ තොරතුරු අනාවරණය වේ.

devaina news paper

No comments

Ads Place