Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොල්ලකරුවෝ 2 ක් සූරියවැවදී පොලිස් වෙඩි කා මරුට

  සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු සහ සූරියවැව පොලිසියේ නිලධාරීන් අතර ඊයේ (17 වැනිදා* සවස සූරියවැව වැවේගම ප‍්‍රදේශයේදී සිදුවූ වෙඩි හුවමාරුවකින් ‘...

 


සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු සහ සූරියවැව පොලිසියේ නිලධාරීන් අතර ඊයේ (17 වැනිදා* සවස සූරියවැව වැවේගම ප‍්‍රදේශයේදී සිදුවූ වෙඩි හුවමාරුවකින් ‘කඩවර පුතා’ සහ තවත් අයකු මරුමුවට පත්වී ඇත.


 කොල්ලකරුවන් එල්ල කළ වෙඩි ප‍්‍රහාරවලින් බේරීමට උත්සාහ කිරීමේදී සූරියවැව පොලිසියේ ජීප් රථය ගසක හැපී අනතුරට ලක්වී ඇති අතර එහි සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනකුද තුවාල ලබා රෝහල්ගත කර තිබේ.


 මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්තොට කොග්ගල්ල පදිංචි වයස අවුරුදු 35ක් පමණ වන ‘කඩවර පුතා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු හා ඔහුගේ ගෝලයකු බව පොලිසිය පවසයි.


 ඊයේ (17දා* දහවල් 1.30ට පමණ තිස්සමහාරාම දෙබරවැව ප‍්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු කාන්තාවකගේ රන් මාලයක් කඩා පලායමින් සිටියදී ඒ බව දුටු අසල්වැසියකු යතුරුපැදියේ අංකය සමග සිද්ධිය තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඒ.ජී. නිමල් මහතාට දැනුම් දී තිබේ. ඒ අනුව ක‍්‍රියාත්මක වූ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමග කොල්ලකරුවන් ලූහුබැ`ද පැමිණ ඇතත් ඔවුන් සොයා ගැනීමට නොහැකි වී තිබේ.


 පසුව මේ පිළිබඳව ලූණුගම්වෙහෙර, සූරියවැව හා මත්තල ඇතුළු අවට පොලිස් ස්ථාන වෙත දන්වා ඇති අතර ඒ අනුව ක‍්‍රියාත්මක වූ සූරියවැව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වන්නිගම මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සූරියවැව වැවේගම මාර්ගයේ පැමිණ තිබේ. එහිදී කොල්ලකරුවන් හා පොලිස් ජීප් රථය වැවේගම පාරේදී සවස 3.00ට පමණ මුහුණට මුහුණ හමුව ඇති අතර පසුව පොලිස් ජීප් රථය ද නැවත හරවා කොල්ලකරුවන් පසු පස හඹාවිත් තිබේ. එහිදී කොල්ලකරුවන් යතුරුපැදියෙන් ගමන් ගනිමින් පිටුපසින් හඹා එන පොලිස් ජීප් රථයට වෙඩි තබා තිබේ. එහිදී පොලිස් නිලධාරීන් ද කොල්කරුවන්ට වෙඩි තබා ඇති අතර පොලිස් වෙඩි පහරින් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්ව ඇත. පොලිස් ජීප් රථය ද වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක වැදී අනතුරට පත්ව තිබේ.


 පොලිස් වෙඩි පහරින් බිම වැටී සිටි කොල්ලකරුවන් දෙදෙනා පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප‍්‍රතිකාර සඳහා සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර ස`දහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලබා බරපතළ තත්ත්වයේ සිටි කොල්ලකරුවන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසු


 මියගොස් තිබේ. සිද්ධිය වූ ස්ථානයේ තිබී බ‍්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් හා කොල්ලකන ලද රන් මාල දෙකක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය පිළිබඳව මහෙස්ත‍්‍රාත් පරික්ෂණය පැවැත්වීමට නියමිතය.


 සිද්ධිය පිළිබඳව තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරී ජයශාන්ත ද සිල්වා, සූරියවැව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.

devaina

No comments

Ads Place