Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටි 27කට කොරෝනා

බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 67 දෙනෙකු පි.සි.ආර් හා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලට ලක්ක...


බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 67 දෙනෙකු පි.සි.ආර් හා රැපිඩ්

ඇන්ටිජන් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් පුද්ගලයින් 27 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.


පි.සි.ආර් පරික්ෂණවලට ලක්කල පුද්ගලයින් පළමුපෙල ආශ්‍රිතයින් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

 

මේ වනවිට බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුල සක්‍රිය කොවිඩ් ආසාදිතයින් 203 දෙනෙකු සිටින අතර කොවිඩ් රැල්ල ආරම්භයේ සිට මේ දක්වා කාලය තුල කොවිඩ් ආසාදිත රෝගින් 1018 දෙනෙකු වාර්තා වී තිබෙනවා.


සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරිවසම් 51 තුල පදිංචි වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් කොවිඩ් එන්නත්කරණයට ලක්කොට ඇති අතර තවත් පුද්ගලයින් 1021 එන්නත්කරණය කිරිමට නියමිතව ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

nethnews

No comments

Ads Place