Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අහඹු පරීක්‍ෂණ 25 කින් 19 කට කොරෝනා..

  නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට දිනපතා ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණෙන රෝගින් වැ...

 


නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට දිනපතා ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණෙන රෝගින් වැඩි පිරිසකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට රෝහලේදි  සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් සහ පි.සි.ආර් පරික්ෂණ වලදි තහවුරු වු බව එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරින් ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.

බගවන්තලාව ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනිමට ගත වු දෙදින තුල පැමිණි රෝගින්ගෙන් අහඹු ලෙස සිදු කරන ලද පි.සි.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ වාර්තා අනුව 25 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

තම රෝහලට වතු ආශ්‍රිත ජනතාව විශාල වශයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණෙන බවත්, එසේ පැමිණෙන රෝගින් අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් සහ පි.සි.ආර් පරික්ෂාවකට ලක් කරන බවත්, වෛරසය අසාදනය වි ඇති රෝගින් ආපසු ඔහුන්ගේ නිවාස කරා යොමු කර ඒ පිලිබදව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි කාර්යාලය වෙත දැනුම් දෙන බවයි ඒ.එස්.කේ ජයසුරිය මහතා කියා සිටියේ.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් සදහා තම රෝහලේ වෙනම වාට්ටුවක් පවත්වාගෙන යන බවත්, එම වාට්ටුවේද ධාරිතාව මේ වන විට ඉක්මවා ගොස් ඇති බවත්, බගවන්තලාව ප්‍රදේශයේ වතු සහ ග්‍රාමිය ප්‍රදේශවල කොවිඩ් 19 වෛරසය සිඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බවයි බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

බගවන්තලාව ප්‍රදේශයේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වෛරසය පාලනය කිරිමට අවශ්‍ය පියවර ගත යුතු බව ඒ.එස්.කේ ජයසුරිය මහතා වැඩි දුරටත් පැවසිය.

lankacnews

No comments

Ads Place