Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මන්නාරමේදී වියලි කහ කිලෝ 235ක් අත්අඩංගුවට….

  ඉන්දියාවේ සිට ගෙන එන ලද වියලි කහ කිලෝ 235 ක් සහ වියලි කහ ප්‍රවාහනය කිරීමට යොදාගත් කරත්තයක් මන්නාරම ඕලුතුඩුවායි වෙරල තීරයේදී 22 අත්අඩංගුවට ...

 


ඉන්දියාවේ සිට ගෙන එන ලද වියලි කහ කිලෝ 235 ක් සහ වියලි කහ ප්‍රවාහනය කිරීමට යොදාගත් කරත්තයක් මන්නාරම ඕලුතුඩුවායි වෙරල තීරයේදී 22 අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් ඕලුතුඩුවායි මුහුදු තීරයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල කහ තොගය අඩංගු උර 07 ක සඟවා තිබියදී මෙලෙස සොයාගනු ලැබීය.

මෙම වියලි කහ තොගයන් ඉන්දියාවේ සිට මන්නාරමට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් ගොඩබිමේ සිටකරත්තයක ආධාරයෙන් රැගෙනයාමට ජාවාරම් කරුවන් උත්සහ ගන්නා අවස්ථාවේදී නාවික හමුදා මුර සංචාරයන් දැක වියලි කහ තොගයන් රැගෙනයාමට නොහැකිව දමා යන්නට ඇති බවට නාවිකහමුදාව සැක පල කර සිටියි.

අත්අඩංගුවට ගත් වියලි කහ තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකෙරෙන තුරු නාවික හමුදාව භාරයේම තැබීමට පිවර ගෙන ඇත.

lankacnews

No comments

Ads Place