Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

ශාකසාර සංඝටක 21 කින් සැකසු මුව ආවරණයක්

  බැක්ටීරියා සහ වෛරස් වලින් ආරක්ෂාව ලබා දෙන දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ මුව ආවරණයක් නිෂ්පාදනය කරන්නට නව නිර්මාණ ශිල්පියෙක් සමත්ව තිබේ. ප...

 


බැක්ටීරියා සහ වෛරස් වලින් ආරක්ෂාව ලබා දෙන දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ මුව ආවරණයක් නිෂ්පාදනය කරන්නට නව නිර්මාණ ශිල්පියෙක් සමත්ව තිබේ.


ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත නව නිර්මාණ ශිල්පී සමන් හෙට්ටිආරච්චි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම මුව ආවරණය පිළිගන්නවා තිබෙි.


පෙරුම්කායම්, දේවදාර, කුරුදු පොතු, පාවට්ට මුල්, රතු ලූණු, ඉගුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට, කොහොඹ, කරාබු නැටි, ඉගුරු පියලිය, අමු කහ ඇතුළු දේශීය ශාකසාර සංඝටක 21ක් යොදා මෙම මුව ආවරණය සකස් කළ බව සමන් හෙට්ටිආරච්චි මහතා පැවසීය.


නව නිර්මාණයක් ලෙස මෙම මුව ආවරණය සදහා අදාල පේටන්ට් බලපත්‍රයද හිමිව ඇති අතර ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණික ආයතනය හෙවත් අයි.ටී.අයි. ආයතනය මගින් තත්ත්ව සහතිකයක් ද පිරිනමා ඇත.

lankadeepa

No comments

Ads Place