Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පි සි ආර් පරීක්ෂණයක් කරගන්න පුද්ගලයෙකු 20Km පයින්ම එයි

  පීසීආර් පරීක්‍ෂාවක් කර ගැනීම සඳහා දමුනුපොළ අටුගොඩ පදිංචි අයකු කිලෝමීටර් 20ක් පා ගමනින් කෑගල්ල මහරෝහලට පැමිණීමේ පුවතක් වාර්තා වනවා. පවතින ස...

 


පීසීආර් පරීක්‍ෂාවක් කර ගැනීම සඳහා දමුනුපොළ අටුගොඩ පදිංචි අයකු කිලෝමීටර් 20ක් පා ගමනින් කෑගල්ල මහරෝහලට පැමිණීමේ පුවතක් වාර්තා වනවා.


පවතින සංචරණ සීමා ඇඳිරි නීතිය සමඟ වාහනයක් සොයා ගැනීමට නොහැකිවීම නිසා කොරෝනා පරීක්‍ෂාව සඳහා රෝහලට යෑම පිළිබඳව ඇසූ සියලූ කුලී වාහන හිමියන් ඒ සඳහා ඉදිරිපත් නොවීම නිසා ඔහුට මෙසේ පා ගමනින් මෙතරම් දුරක් යෑමට සිදු වී තිබේ.


සුවසැරිය ගිලන්රථ සේවාව තුළින් නිතර ‘බිසි‘ යන වදන ඇසීම හා මීට පෙර දියණිය රෝහලට රැගෙන යෑම සඳහා සුවසැරිය ගිලන්රථ සේවයට දැන්වීමෙන් පසු දින 3කට පසු පැමිණීම ද නිසා එම උත්සාහය ද අසාර්ථක වී තිබේ.


අලූයම් කාලයේදී නිවසින් රෝහල වෙත පා ගමනින්ම පැමිණි ඔහුට සිදුකළ පරීක්‍ෂාවේදී ඔහු ආසාදිත බව තහවුරු වීම සමඟ නැවත නිවසට යෑමේදී අතරමග අවදානම සමඟ රෝහලේ රැඳී සිට තිබේ. එහිදී තම ගම ප්‍රදේශයේ අයකු හමුවී තමා ද කොරෝනා පරීක්‍ෂාවට පැමිණි බවත් තමාත් ආසාදිත අයකු යැයි පවසා  දෙදෙනාම තමා එම පුද්ගලයාගේ ත්‍රීරෝද රථයෙන් නැවත ගමට ගොස් ඇත. 

nethnews

No comments

Ads Place