Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට ඉතිහාසයේ පළමු වරට දෛනික කොරෝනා මරණ 200යේ සීමාව ඉක්මවයි

මෙරට ඉතිහාසයේ පළමු වරට දෛනික කොරෝනා මරණ 200 යේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ඉකුත් 25 වනදා මෙරට තුළ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 209 ක්...


මෙරට ඉතිහාසයේ පළමු වරට දෛනික කොරෝනා මරණ 200 යේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.


ඒ අනුව ඉකුත් 25 වනදා මෙරට තුළ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 209 ක්.


එය සැලකෙන්නේ මෙරට තුළ කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ දිනයේ සිට මෙතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ලෙසයි. 


එම මරණ 209 අතරින් 101 දෙනෙකුම කාන්තාවන්. එමෙන්ම සමස්ථ, මරණ අතරින් 163 දෙනෙකු වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් වනවා.


ඒ අනුව මෙතෙක් මෙරට තුළ සිදුව ඇති සමස්ථ කොරෝනා සංඛ්‍යාව 8,000 සේ සීමාවද ඉක්මවා ගොස් තිබෙනවා. අද වන විට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 8,157 ක්.


ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 4,602 දෙදෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.


එය සැලකෙන්නේ මෙරට තුළ කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ දිනයේ සිට මෙතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි.


එමෙන්ම දෛනික ආසාදිතයින් 4,600 යේ සීමාව පසු කළ පළමු අවස්ථාව මෙය වනවා.


ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ 12,370 ක් දක්වා ඉහළ ගියා.

nethnews

No comments

Ads Place