Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇදිරි නීතියෙන් ආදායම අහිමි වූ අයට රුපියල් 2000ක් දෙනවා..

  කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 345847ට සිය ජීවනෝපාය අහිමි වී ඇතැයි සංචාරක අම...


 කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 345847ට සිය ජීවනෝපාය අහිමි වී ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින ජීවනෝපාය අහිමි වූවන් සඳහා රුපියල් 2000ක දීමනාවක් ලබාදීමට රජය සැලසුම් කර ඇති අතර ඒ සදහා රුපියල් 691,694,000ක මුදලක් වැයවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව  මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 33135ක්,කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල්  32411ක්, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල්22011ක්, මීරිගම ප්‍රදේශයේ ලේකම් කොට්ඨාසයේ පවුල් 13989ක්, මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය පවුල  13989ක්, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 36045ක්, ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 26109ක්, ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30128ක්, අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 15960ක්, දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල්  20988ක්, මහර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල්  22521ක්, කැළණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 27353ක් හා බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30939ක ජීවනෝපාය අහිමි වී ඇත.

මෙම දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 480ක මුදලක් ගම්පහ දිස්ත්‍රික්කයට මේ වන විට ලබා දී ඇති අතර  ජීවනෝපාය අහිමි වූ සියල්ලන්ටම මෙම දීමනාව ලබාදීම සඳහා තවත් රුපියල් 211,694,000 අවශ්‍ය වෙයි.

හිඟ මුදල ද  කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැම් පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කරන්නේ හැකි ඉක්මනින් දිස්ත්‍රික්කයේ ජීවනෝපාය අහිමි වූ සියලු දෙනාටම ඔවුන්ට හිමි දීමනාව ගෙවීමට කටයුතු කරන බවයි.

රට කෙතරම් ආර්ථික අපහසුතාවයක තිබුණද වගකිවයුතු රජයක් ලෙස ජනතා අවශ්‍යතාවලට පිළියම් ලබා දීමට පියවර ගෙන ඇතැයිද  අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

lankacnews

No comments

Ads Place