Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සීනි රු. 200 ට නගිද්දී සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගිහින්… බැසිල් ආවම ඔක්කොම හරි යයි කිව්වට රුපියල් 5000ත් 2000ට අඩු කළා

  ආණ්ඩුවේ උද්දච්චකම හා අව පාලනය නිසා  ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටිලා  ‘‘සීනි විතරක් නෙමෙයි ගිය වසරත් මේ වසරත් අතර ඉතා විශාල ලෙස අත්‍යවශ්‍ය ...

 


ආණ්ඩුවේ උද්දච්චකම හා අව පාලනය නිසා  ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටිලා


 ‘‘සීනි විතරක් නෙමෙයි ගිය වසරත් මේ වසරත් අතර ඉතා විශාල ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගිහින් තිබෙනවා’’ යැයි කෑගල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.


 විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26 දා* පැවැති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.


 මේ වනවිට වසංගතේ උච්චතම අවස්ථාවට රට පැමිණ තිබෙනවා. එවැනි අවස්ථාවක රට රැුක ගැනීමට, මහජනයා රැුක ගැනීමට අපිට වගකීමක් තිබෙනවා. වගකිවයුතු විපක්ෂයක් විදියට එම වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.


 අද වනවිට මේ රටේ ආර්ථිකයේ මූල්‍ය අංශයේ බරපතළ අර්බුදයක්. ආණ්ඩුවේ උද්දච්චකම හා අව පාලනය නිසා ආර්ථිකයේ මූල්‍ය ක්ෂේත‍්‍රයත් බාහිර ක්ෂේත‍්‍රයත් සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා යුද්ධයකදී වුණත් ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව. මෙම වසංගතය යුද්ධයක්. එමනිසා මේ අවස්ථාවෙත් ආර්ථිකය දුර්වල කරාම මුහුණ දෙන්න තවත් අමාරු වෙනවා. මේ වෙලාවේ ක්ෂුද්‍ර ආර්ථිකය විනාශ නොකර ආරක්ෂා කිරීම ඉතාම වැදගත්.


 රටක් ගත්තම අවධිමත් ආර්ථිකයක් තිබෙනවා. එය ඉතාම වැදගත්. උදාහරණයක් විදිහට ඉන්දියාව ගත්තම දළ දේශීය නිෂ්පාදනයෙන් 50% ක් දායක වෙන්නේ අවිධිමත් ආර්ථිකයට. එහි සේවය කරන අයගෙන් 80% ට පමණ අවිධිමත් ආර්ථිකය තුළ යැපෙන බව වාර්තා වෙනවා. අපේ රට ගත්තම පෞද්ගලික අංශයෙන් 60% ක්ම සේවය කරන්නේ අවිධිමත් අංශයේ. එය විශාල ප‍්‍රමාණයක්. එහිදී විශාල පිරිසක් ජීවත් වෙන්නේ අවිධිමත් ආර්ථිකය තුළයි. අවිධිමත් ආර්ථිකය යනු රජයේ අනුග‍්‍රහය හා ආරක්ෂාව සහ සෘජුව නීති රීතිවලට යටත් නොවන විවිධාංගීකරණයට ලක් වූ ස්වයං


 රැුකියා කරන අනියම් සේවකයන්, සිල්ලර කඩ, ගෙවල්වල තිබෙන කුඩා කර්මාන්ත හිමියන්, ත‍්‍රීවීලර් හිමියන්, ඞීමෝ බට්ටා හිමියන්, පාසල් සේවයේ දුවන වාහන හිමියන්, වඬේ හදන වෙළෙඳ හිමියන් මේ සියල්ලම තිබෙන්නේ අවිධිමත් ආර්ථිකය තුළ.


 අද ලංකාවේ අවිධිමත් ආර්ථිකයට අයිති කුඩා සමාගම් ලක්ෂ 15 කට ආසන්නව තිබෙනවා. ඒ වගේම ලක්ෂ 36 කට ආසන්න ප‍්‍රමාණයක් අවිධිමත් ආර්ථිකය තුළින් ජීවත් වෙනවා. මෙය ලංකා ආර්ථිකයේ මදයයි.


 විපක්ෂය විදියට අපි විවේචනය විතරක් කරන්නේ නැහැ. පසුගියදා බැසිල් රාජපක්ෂ මහත්තයා ආවම ඔක්කොම හරි යයි කියලා කිව්වා. හැබැයි රුපියල් 5000 දෙන එක රුපියල් 2000 ට අඩු කළා. හරි නම් එතුමා ඇවිල්ලා එය වැඩි කිරීමයි කළ යුත්තේ.


 එම රුපියල් 2000 මුදල කුලී වැඩට යන්න බැරි අය, ස්වයං රැුකියා කරන අය, ආදායම් අහිමි වූ අයට දෙන්න කියලා කිව්වා. එක පැත්තකින් ඒ මුදල හෝ ලබා දුන්න එක සතුටුයි. නමුත් එය හරියට බැලූවනම් ගං වතුරක උතුරා යන ඇළකට කෙසෙල් කොට දමා එය හරස් කරන්න යනවා වගේ වැඩක්. මොකද මිනිස්සුන්ට දැන් ඇතිවෙලා තිබෙන පීඩනය ඊට වඩා විශාලයි.


 කොරෝනා ආරම්භයේ සිට විශාල අසාධාරණකම් එම අයට සිදුවුණා. ජීවත් වීමේ ගැටලූ ගොඩක් ඇති වුණා. ඒ වගේම ඇතැම් අයට ලැබෙන පඩියෙන් 50% ක් අඩු කරලා. තව කොට්ඨාසයක් රැුකියාවෙන් ඉවත් කරලා. ඒ වගේම වාහන ලීසින් ගත්ත අයට කිසිම සහනයක් දුන්නේ නැහැ. පසුගිය කාලයේ ලොක්ඩවුන් කාලසීමාවේත් ඇවිත් වාහන ෆිනෑන්ස් ආයතන උස්සගෙන ගියා. ලයිට් බිලට වතුර බිලට කිසිම සහනයක් දුන්නේ නෑ. අනිත් පැත්තෙන් බලන විට ආණ්ඩුව ලොකු සමාගම්වලට ව්‍යාපාරිකයන්ට බදු සහන දුන්නා. මෑතකදී බදු සමාවකුත් දුන්නා.


 පොඩි ව්‍යාපාරවලට පොලිය 15%ක් වැනි විශාල අගයකට තමයි ණයක් ගන්න සිදුවෙලා තිබෙන්නේ. ලීසින් සමාගම්, ෆිනෑන්ස් ආයතනවල ඊට අඩු පොලියකට වාහනයක් ගන්න බැහැ. සමහර බැංකු එම කුඩා ආයතනවලට ණය ලබා දෙන්නෙත් නැහැ. සමහර උකස් බඩු ගන්න තැන්වල 25% යි පොලිය. එහිදී සහන පොලියට පොඩි මිනිස්සුන්ට කිසිම ආයතනයකින් ණයක් ලැබෙන්නේ නැහැ. කොරෝනා වසංගතයත් සමග තිබෙන අනිත් ගැටලූව තමයි ජීවන වියදම් ගැටලූව. අපිට ආරංචි වෙනවා සීනි තොග මිල රුපියල් 200 ට වැඩියි කියලා. අද සීනි විතරක් නෙමෙයි ගිය වසරෙයි මේ වසරයි අතර ඉතා විශාල ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගිහින් තිබෙනවා.

devaina

No comments

Ads Place