Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

20-20 ලෝක කුසලාන කාලසටහන නිකුත්වේ – ශී‍්‍ර ලංකාවේ පළමු තරගය නැම්බියාව සමග

 2021 පන්දුවාර 20-20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ ශී‍්‍ර ලංකාව ලබන ඔක්තෝබර් මස 18 වැනිදා නැම්බියාව සමගත්, 20...


 2021 පන්දුවාර 20-20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ ශී‍්‍ර ලංකාව ලබන ඔක්තෝබර් මස 18 වැනිදා නැම්බියාව සමගත්, 20 වැනිදා අයර්ලන්තය සමගත්, 22 වැනිදා නෙදර්ලන්තය සමගත් තරග වැදීමට නියමිතය. තරාවලිය ඔක්තෝබර් මස 17 වැනිදා ආරම්භ වී නොවැම්බර් මස 14 වැනිදා නිමාවේ.


ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් පන්දුවාර 20-20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය පිළිබඳව ඊයේ (17 දා) නිකුත් කරන ලද කාලසටහන පරිදි ශී‍්‍ර ලංකාව සහභාගි වන මූලික වටයේ තරග අබුඩාබි සහ සාජාහිදී පැවැත්වේ.



සුදුසුකම් ලැබීමේ තරග වටය සඳහා සහභාගි වන ‘ඒ’ කාණ්ඩයට අයත් කණ්ඩායම් වන්නේ ඕමානය, පැපුවා නිව්ගිනියාව, ස්කොට්ලන්තය සහ බංග්ලාදේශයයි. ඔවුන් ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින අතර ‘බී’ කාණ්ඩය යටතේ ශී‍්‍ර ලංකාව සමග තරගවදින කාණ්ඩයට අයත් අනෙක් කණ්ඩායම් දෙක වන්නේ නෙදර්ලන්තය සහ අයර්ලන්තයයි.


සුදුසුකම් ලැබීමේ තරග වටය ආරම්භ කරමින් ඔක්තෝබර් මස 17 වැනිදා ඕමානය සහ පැපුවා නිව්ගිනියාව ඕමානයේදී තරග වැදීමට නියමිතය. සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ එක් කණ්ඩායමක් අදාළ කාණ්ඩය යටතේ තරග 3 කට සහභාගි වීමට නියමිත අතර අදාළ කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක සුපිරි 12 වටයට එක්වනු ඇත.


සුපිරි 12 වටයේ තරග ඔක්තෝබර් මස 23 වැනිදා ආරම්භ වන අතර ඔස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව අබුඩාබිහිදී එම වටයේ පළමු තරගයට සහභාගි වීමට නියමිතය. සුපිරි 12 දෙනාගේ වටයේ අවසන් තරගය නොවැම්බර් මස 08 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය නොවැම්බර් 14 වැනිදාත් අවසන් පූර්ව තරග නොවැම්බර් 10 වැනිදා සහ 11 වැනිදා ඩුබායිහිදී පැවැත්වේ.


2021 ලෝක කුසලාන පන්දුවාර කි‍්‍රකට් තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවට හිමිවී ඇති අතර ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අත්හැර දමන ලද ඉතිරි තරග සැප්තැම්බර් මස 19 වැනිදා සිට ඔක්තෝබර් මස 15 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය.


පන්දුවාර 20-20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය පසුගිය වසරේ ඔස්ටේ‍්‍රලියාවේදී පැවැත්වීමට නියමිතව තිබුණත් කොවිඞ් වසංගතය හේතුවෙන් තරගාවලිය කල් දමන ලදී.


පළමු වටයේ (සුදුසුකම් ලැබීමේ වටය) තරග ශී‍්‍ර ලංකා වේලාවෙන් ප.ව. 2.00 ට සහ 6.00 ට ආරම්භ වේ.


පළමු කාණ්ඩය: දකුණු අපි‍්‍රකාව, ඔස්ටේ‍්‍රලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානය ‘බී’ කණ්ඩයේ දෙවැනි ස්ථානය


දෙවැනි කාණ්ඩය: ඉන්දියාව, පකිස්තානය, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය, ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය.

No comments

Ads Place