Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රැකියා දෙන බව පවසා මුදල් ගැරූ කාන්තාවක් ඇතුළු 2ක් දැලේ

  නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍යයේ ලිපි ශීර්ෂයක් ව්‍යාජ ලෙස භාවිතා කරමින් පුද්ගලයන්ට රැකියා ලබා දෙ...

 


නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍යයේ ලිපි ශීර්ෂයක් ව්‍යාජ ලෙස භාවිතා කරමින් පුද්ගලයන්ට රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.


අලුතින් ඉදිකර දෙන මැනිං වෙළෙඳපොළේ කඩ කාමර ලබාදෙන බවට සඳහන් කරමින්, අමාත්‍යාංශය යටතේ පවතින නිවාඩු නිකේතන සහ තානායම් වෙන් කර දෙන බවට පවසා සහ කැනඩාවේ රැකියා ලබාදෙන බවට පවසා මොවුන් මෙම වංචාව සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.


සැකකරුවන් මෙම ලිපි ශීර්ෂ භාවිතා කරමින් ලිපි සකස් කර වත්තල ජා ඇල සහ අවට ප්‍රදේශවල පුද්ගලයන් ගෙන් මුදල් වංචා කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.


ඔවුන් පාරේ තිබී පාරේ තිබී විවිධ පුද්ගලයන්ගේ ගමන් බලපත්‍ර 98 ක් රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකාරිය ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් සෙසු සැකකරුවන් දෙදෙනා අතුරුගිරිය සහ ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කරයි.

lankadeepa newspaper

No comments

Ads Place