Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැසි හා සුළංවලින් පවුල් 191ක 848 පිඩාවට

  දිවයිනේ දිස්ත්‍රික්ක හතරකට ඊයේ (29) ඇතිවූ තද වැසි සහ තද සුළං හේතුවෙන් පවුල් 191 කට අයත් 848 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථ...

 


දිවයිනේ දිස්ත්‍රික්ක හතරකට ඊයේ (29) ඇතිවූ තද වැසි සහ තද සුළං හේතුවෙන් පවුල් 191 කට අයත් 848 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


මෙයින් පුද්ගලයන් සිව් දෙනකු තුවාල ලබා ඇති අතර නිවසක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් නිවාස 189 කට අර්ධ හානි සිදුව ඇත.


ගම්පහ, කොළඹ, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට මෙම බලපෑම ඇති වූ අතර වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.


ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල සහ ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවුල් 152 කට අයත් 730 දෙනකු මෙයින් පීඩාවට පත්ව ඇත.


කොළඹ, කඩුවෙල පවුල් 30 කට අයත් 92 දෙනෙක්, රත්නපුර කුරුවිට පවුල් 7 කට අයත් 22 දෙනෙක් සහ ගාල්ල, වඳුරඹ පවුල් 2 කට අයත් සිවු දෙනෙක්ද පීඩාවට පත්වූවෝ අතර වෙති.

lankadeepa

No comments

Ads Place