Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගාල්ලේ මංගල උත්සවයකට එක් වූ 19 කටත් කොරෝනා

ගාල්ල, මකුළුව ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති මංගල උත්සවයකට සහභාගිවු  පුද්ගලයින් 19 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එ...


ගාල්ල, මකුළුව ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති මංගල උත්සවයකට සහභාගිවු  පුද්ගලයින් 19 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.


එම මංගල උත්සවයට සහභාගි වු පුද්ගලයින්  21 දෙනෙකු නිවෙස් නිරෝධායනයට යොමු කර තිබුණා.


ඔවුන් පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කිරීමෙන් අනතුරුව ඉන් 19 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගත් බවයි බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසුවේ.  


බෝපේ පොද්දල සෞඛ්‍ය බලප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදනය වුවන් 160 දෙනෙකු නිවෙස්වල  සිටින බවද බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.


සෞඛ්‍ය රීති උල්ලංඝණය කරමින් මංගල උත්සව, ආගමික උත්සව සහ මහජන ඒකරාශීවිම් මෙම සමයේදී බහුලව සංවිධාන කිරීම ගැටළුකාරී තත්ත්වයක් බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පෙන්වා දෙනවා.


පවතින තත්ත්වය හමුවේ මංගල උත්සව, ආගමික උත්සව සහ මහජන ඒකරාශිවීම් තාවකාලිකව අත්හිටුවිය යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ

nethnews

No comments

Ads Place