Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

18ට වැඩි අයට දෙන්න සයිනෝෆාම් මාත්‍රා ලක්ෂ 40ක් ලබන සතියේදී මෙරටට!

  වයස අවුරුදු 18 වැඩි පුද්ගලයන්ට එන්නත්කරණය සඳහා සයිනෝ ෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ හතළිහක් එලඹෙන සතියේදී ලැබීමට නියමිත බව ‍ඖෂධ නියාමන රාජ්‍ය ...

 


වයස අවුරුදු 18 වැඩි පුද්ගලයන්ට එන්නත්කරණය සඳහා සයිනෝ ෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ හතළිහක් එලඹෙන සතියේදී ලැබීමට නියමිත බව ‍ඖෂධ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.


ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු තිහට වැඩි ජනගහනය ලක්ෂ එකසීය පහළොවක් පමණ වන අතර ඉන් ලක්ෂ සීයකට පමණ කොරෝනා එන්නත්කරණය සිදු කර අවසන් බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසිය.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද කොරෝනා එන්නත්කරණ වැඩසටහනක් ඊයේ (02) අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදී පැවති අතර මේ එන්නත්කරණය පිළිබඳව සොයා බැලීම සඳහා එම ස්ථානයට පැමිණිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ඇමැතිවරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අගෝස්තු මාසයේ අවසන් වන විට වයස අවුරුදු 30ට වැඩි සියලුම දෙනාට එන්නත්කරණය කර අවසන් කිරීමට ලබා දුන් ඉලක්කය ඊට ප්‍රථම අවසන් කිරීමට සෞඛ්‍ය අංශවලට හැකියාව පවතිනවා.අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ සිදුකරන මේ එන්නත් කරණය සඳහා වයස අවුරුදු තිහට වැඩි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඕනෑම පුද්ගලයකුට එක් විය හැකි බවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රටපුරා ශික්ෂණ රෝහල්වල දී මේ එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය ඇමැතියවරයා පැවසීය.


වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට එන්නත්කරණය අවසන් වූ වහාම වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ට එන්නත්කරණය ආරම්භ වන බවත් ඒ සඳහා සයිනෝ ෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ හතළිහක් එළැඹෙන සතියේදී මෙරටට ආනයනය කරනවා.

noizetv

No comments

Ads Place