Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැඩි මිලට භාණ්ඩ විකුණූ වෙළදුන් 17 දෙනෙකු අත්අඩංගුවට

 යාපනය ප්‍රදේශයේ වැඩි මිලට භාණ්ඩ අළෙවි කළ වෙළදුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පාරිභෝගික අධිකාරියේ යාපනය දිස්ත්‍රික් කාර්යාලයේ නිලධා...


 යාපනය ප්‍රදේශයේ වැඩි මිලට භාණ්ඩ අළෙවි කළ වෙළදුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඒ, පාරිභෝගික අධිකාරියේ යාපනය දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි. යාපනය, කල්වියන්කාඩු, කෝපායි, අචුවේලි සහ නීර්වේලි යන නගරවල වැඩි මිලට වෙළදුන් භාණ්ඩ අළෙවි කරන බවට යාපනය දිස්ත්‍රික් ලේකම්වරයාට තොරතුරු ලැබී තිබුණා.


ඒ පිළිබද දිසාපතිවරයා විසින් පාරිභෝගික අධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ ප්‍රදේශවල එම නිලධාරීන් වැටලීම් සිදුකළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.


අත්අඩංගුවට ගත් වෙළදුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පාරිභෝගික අධිකාරිය සදහන් කළේ.

nethnews

No comments

Ads Place