Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිරකරුවන් 16,000කට කොවිඩ් එන්නත්

 බන්ධනාගාර ගත රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත දැනට ලබාදී ඇතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය...


 බන්ධනාගාර ගත රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත දැනට ලබාදී ඇතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.


තවත් රැඳවියන් පන්දහසකට පමණ කොවිඩ් මර්දන එන්නත ලබාදීමට කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.


බන්ධනාගාර ගතව සිටින රැඳවියන් සංඛ්‍යාව 21,000කි.


මහනුවර බන්ධනාගාරයේ රැඳවියන්ට මොඩර්නා එන්නත ලබා දුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.


රැඳවියන්ට එන්නත ලබාදෙන්නේ බන්ධනාගාරවල කොවිඩ් පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස යැයි බන්ධනාගාර ප්‍රධානීහු පවසති.


බන්ධනාගාර රැඳවියෝ දහසකට වැඩි පිරිසක් කොවිඩ් වයිරසයට මෑත කාලයේදී ගොදුරු වූහ.

lankadeepa

No comments

Ads Place