Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දුරකථන ගේම් එකක් නිසා අහිමි වූ 15 හැවිරිදි සිසුවාගේ ජීවිතය!

 මාතර රොටුඹ පල්ලෙකන්ද ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙක් සිය දිවි නසාගෙන ඇති බව පොලිසිය පවසනවා. අධ්‍යාපන කටයුතු සඳහා ලබා දී තිබූ ජංගම දුර...


 මාතර රොටුඹ පල්ලෙකන්ද ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙක් සිය දිවි නසාගෙන ඇති බව පොලිසිය පවසනවා.


අධ්‍යාපන කටයුතු සඳහා ලබා දී තිබූ ජංගම දුරකතනය ඔහු දුරකථන ක්‍රීඩා සඳහා යොදා ගැනීම හේතුවෙන් දෙමව්පියන් විසින් එය යළි ලබා ගෙන ඇති අතර ඉන් ඇතිවූ සිත්තැවුල මත මෙම සිසුවා සිය දිවි නසාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා මෙහිදී සඳහන් කළේ දරුවන්ට ජංගම දුරකථනය ලබාදීමෙන් පසුව වැඩිහිටියන් විමසිල්ලෙන් පසුවිය යුතු බවටයි.

noizetv

No comments

Ads Place