Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට වැසීමෙන් දුම්රියට කෝටි 13 කට වැඩි පාඩුවක්

 දින දහයක් රට වසා තැබීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් දහ තුන් කෝටි තිස් තුන් ලක්ෂයකට වැඩි පාඩුවක් සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්...


 දින දහයක් රට වසා තැබීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් දහ තුන් කෝටි තිස් තුන් ලක්ෂයකට වැඩි පාඩුවක් සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.


රට වසා තැබීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට දිනකට සිදු වන පාඩුව රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වේ.


දුම්රිය දෙපාර්තමේන්තුව මාසිකව ලබන පාඩුව රුපියල් කෝටි 40කට වැඩිය.


දුම්රිය දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් කෝටි 50 කට අධිකය. කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු එම ආදායම කෝටි දහය දක්වා පහත බැස ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

lankadeepa

No comments

Ads Place