Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සෑම මිනිත්තු 12 කටම වරක් මෙරට කොවිඩ් මරණයක් සිදුවීමේ සම්භාවිතාවක්

මෙරට තුළ දිනකදී සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යමින් තිබෙනවා. ඒ, මෙතෙක් දිනක් තුළ සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ තහවුරු...



මෙරට තුළ දිනකදී සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යමින් තිබෙනවා. ඒ, මෙතෙක් දිනක් තුළ සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ තහවුරු කිරීමත් සමගයි.


පෙරේදා දිනයේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 124 ක්. එය සැලකුනේ දෛනික කොරෝනා මරණ 100 යේ සීමාව අඛණ්ඩව ඉක්මවා ගිය 03 වන දිනය ලෙසයි.


ඒ අනුව පැයක් තුළ කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු මියයාමේ සම්භාවිතාවක් මේවනවිට මතුව තිබෙනවා. එහි වඩාත් අවදානම් බව පෙනී යන්නේ සෑම මිනිත්තු 12 කටම වරක් එක් ආසාදිතයෙකු මරණයට පත්වීමේ සම්භාවිතාවක් මේවනවිට මතුව තිබීමයි.


කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දත්තවලට අනුව මේ දක්වා සිදුව ඇති සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 5,464 ක්.


යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ ඊයේ දිනයේ තහවුරු කළ පුද්ගල මරණ අතරින් බහුතරය වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බවයි.


මේ අතර රෝහල්ගත වන කොරෝනා ආසාදිතයින් විවිධ පීඩාවන්ට පත්වූ අවස්ථා ඉකුත් සමයේ වාර්තා වුණා.


මේවනවිට නිවෙස් නිරෝධායන ක්‍රියාවලිය ද ආරම්භ වී තිබෙනවා.


මේ, හැටන්, දික්ඔය ප්‍රදේශයේ නිවෙස් නිරෝධායනයට ලක්ව සිටින කොරෝනා ආසාදිතයෙකු මුහුණ පා ඇති තත්ත්වයයි.  

nethnews

No comments

Ads Place