Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

12 – 18 අතර ළමයින්ට “ෆයිසර්” එන්නත – දරුවන් රැකගන්න රජයෙන් තීන්දුවක්!

 වයස අවුරුදු 12 – 18ත් අතර, සියලුම දරුවන්ට දැනට තිබෙන සාධක අනුව වඩාත්ම යෝග්‍ය “ෆයිසර්” එන්නත ලබාදීමට අපේක්‍ෂා කරන බැවින් ඒ පිළිබඳව සාකච්ඡා ක...


 වයස අවුරුදු 12 – 18ත් අතර, සියලුම දරුවන්ට දැනට තිබෙන සාධක අනුව වඩාත්ම යෝග්‍ය “ෆයිසර්” එන්නත ලබාදීමට අපේක්‍ෂා කරන බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කෙරෙමින් පවතින්නේ යැයි ඔෟෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන  පැවැසීය. 


සියලුම පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදෙන ලෙස, අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ද ඉල්ලීම් ලැබී ඇති බව සඳහන් කළ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන, රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාව අවශ්‍ය එන්නත් මාත්‍රා ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව සඳහන් කළේය. 


මෙහිදී කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේදී මුලින්ම වයස අවුරුදු 18 – 30 අතර පිරිස් වෙත එන්නත ලබා දෙන බවත්, රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය. 


“ෆයිසර්” එන්නත ප්‍රමාණවත් පරිදි මේ වසර තුළ ලබාදීමට අවශ්‍ය කටයුතු සකස්කර ඇති බවද මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේය.


වයස අවුරුදු 18 – 30 ත් අතර පිරිසට සහ 12 – 18 අතර ළමයින්ට “ෆයිසර්” එන්නත ලබාදීමට හැකිවෙතැයි ඇමැතිවරයා විශ්වාසය වැඩිදුරටත්  පළ කළේය.

noizetv

No comments

Ads Place