Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දින 10න් රට අරින්න බෑ.. කොරෝනා වේගවත් වෙලා..

  ගත වූ සතියේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව ඊට කලින් සතියේ වාර්තා වූ මරණ ප්‍රමාණයට වඩා 75% කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන්...



 ගත වූ සතියේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව ඊට කලින් සතියේ වාර්තා වූ මරණ ප්‍රමාණයට වඩා 75% කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියා සිටින්නේ මෙම තත්ත්වය මත විද්‍යාත්මක ක්‍රමයකට මිස රට විවෘත නොකළ යුතු බවයි.

ඉදිරි දිනවල දී රට පුරා කොරොනා පැතිර ගොස් මරණ වැඩිවීම වළක්වා ගැනීමට නම් පියවරයන් කිහිපයක් අනුගමනය කළ යුතුව ඇති බව ද ඇය පෙන්වා දෙයි.

එන්නත ලබා නොගත් අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් ඇතුළු අනෙකුත් අය ලැබෙන පළමු අවස්ථාවේම එන්නත ලබාගත යුතු බවත්, අන් අයට රෝගය බෝ නොවන ලෙස කටයුතු කළ යුතු බවත් කොරොනා රෝග ලක්ෂණ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම දැනුවත් වීම සිදුවිය ඇය කියා සිටියාය.

අධික ලෙස මරණ ප‍්‍රතිශතය ඉහළ යාම හේතුවෙන් දින 10න් පසු නැවත රට විවෘත කළ හැකි දැයි ප්‍රශ්නයක් ඇතැයි ඇය තවදුරටත් පැවසුවාය.

lankacnews

No comments

Ads Place