Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අගෝස්තු මාසයේදී පොලිස් නිලධාරීන් 10ක් කොවිඩ් මාරයාට බිලි

  කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් අගෝස්තු මාසයේදී පමණක් පොලිස් නිලධාරීන් 10 දෙනකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව, කොරෝනා වය...

 


කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් අගෝස්තු මාසයේදී පමණක් පොලිස් නිලධාරීන් 10 දෙනකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


ඒ අනුව, කොරෝනා වයිරසය වැළැදීමෙන් මේ වන විට පොලිස් සාමාජිකයන් 27 දෙනකු මියගොස් ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.


මෙලෙස මියගිය පොලිස් සාමාජිකයන්ගෙන් බහුතරය කොවිඩි නියුමෝනියා ත්තත්වෙයන් මියගොස් ඇතැයි ද සඳහන් වෙයි.


අගෝස්තු මස 01 වැනිදා සිට අද (27) දින වන විට මියගොස් ඇත්තේ කිතුල්ගල, ගලහ, දෙමටගොඩ, ගාල්ල, මෝදර, උඩුගම, අඹන්පොල, ජාතික පොලිස් විද්‍යා පීඨය, මඩකලපුව සහ කෑගල්ල යන පොලිස් ස්ථානවල සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන්ය.


කොරෝනා වැළැදීමෙන් මියගිය පොලිස් නිලධාරීන් අතර, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරු 6 දෙනකු, පොලිස් සැරයන්වරුන් 13 දෙනකු සහ පොලිස් කොස්තාපල්වරුන් 06 දෙනකු ද වෙති.


කොවිඩ් ආසාදිතව මියගිය ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා වූයේ ජාතික පොලිස් විද්‍යාලයට අනියුක්තව සේවය කළ වී. එම්. ඒකනායක මහතා වන අතර ඔහු ඉකුත් 10 වැනිදා කොවිඩ් නියුමෝනියා තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද පොලීස් ආරංචි මාර්ග සදහන් කරයි.


කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පළමු පොලිස් නිලධාරියා වූයේ මොනරාගල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂක පී. ජී. අන්දිරිස් අප්පු මහතා වන අතර ඔහු ඉකුත් 2021 පෙබරවාරි මස 6 වැනිදා මරණයට පත්විය.

lankadeepa

No comments

Ads Place