Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැඩිහිටි ජනගහනය 100%ක් එන්නත්කරණය කළ පළමු රට බවට පත්කරනවා…

  අපි විශ්වාස කරනවා වර්තමානයේ කරන මේ එන්නත්කරණය අපට සැප්තැම්බර්, ඔක්තොම්බර් විතර අවසන් කර ගන්න. ලංකාවේ වැඩිහිටි ජනගහණය 100% ක් එන්නත්කරණය සි...

 


අපි විශ්වාස කරනවා වර්තමානයේ කරන මේ එන්නත්කරණය අපට සැප්තැම්බර්, ඔක්තොම්බර් විතර අවසන් කර ගන්න. ලංකාවේ වැඩිහිටි ජනගහණය 100% ක් එන්නත්කරණය සිදුකර, එසේ කළ පළවෙනි රට බවට පත්වෙනවා. අපට ලෝකයට හඬගා කියන්න පුළුවන් දැන් ලංකාව සුරක්ෂිතයි ඒ නිසා බය නැතිව එන්න කියලා. අපි විශ්වාස කරනවා 2022-23 වන විට සංචාරක ක්‍ෂෙත‍්‍රයේ විශාල පුනරුදයක් ඇතිවේවි කියලා. එතකොට අපි ඒ සංචාරක ක්‍ෂෙත‍්‍රයට එන පුනරුදයෙන් යම්කිසි ප‍්‍රයෝජනයක් මේ වලපනේ වැනි ප‍්‍රදේශවලට ගන්නට ඕනේ. මේවා ලංකාවේ තිබෙන ලස්සනම ප‍්‍රදේශ. සුන්දර ප‍්‍රදේශ, හොඳ කාලගුණයක් තිබෙන ප‍්‍රදේශ. ඒ නිසා මේ ප‍්‍රදේශවලටත් අපි සංචාරකයෝ ආකර්ෂණය කර ගන්න අලූතින් හිතන්න ඕනේ. සංචාරක ව්‍යාපාරය ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට නව සැළසුම් අනුව කටයුතු කළ යුතු බව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ පසුගියදා වලපනේ සතිපොළ හා බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම් සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි. වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නයක මහතා සහ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප‍්‍රධානත්වයෙන් වලපනේ නගරයේදී මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණි.

නාගරික සංවර්ධන අධිකාරියේ සැළසුම් හා අධීක්‍ෂණයෙන් ඉදිකිරීමට යෝජිත වර්ග අඩි 2000 කින් යුත් මෙම තෙමහල් ගොඩනැගිල්ලේ, වර්ග අඩි 764 ක පළමු මහල සතිඅන්ත පොළ භූමිය සඳහා ද, වර්ග අඩි 563 කින් යුතු බිම් මහල සතොස වෙළෙඳසැල සඳහාත් වන අතර වර්ග අඩි 547ක පළමු මහල මිශ‍්‍ර භාවිතය සඳහා ද වන අයුරින් සැලසුම් සකස්කර තිබේ. ඊට අමතරව වාහන නැවතීමේ පහසුකම් ඇතුළු සනීපාරක්ෂක පහසුකම් ද භූමිය තුළ සැළසුම් කර ඇත. මහා භාණ්ඩාගාරය මගින් මෙම ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 124 ක මුදලක් වෙන්කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

‘අද තමුන්නාන්සේලා වෙනුවෙන් අපි ආරම්භ කරන වලපනේ සතිපොළ හා බහුකාර්ය ගොඩනැගිල්ල සංවර්ධන ව්‍යාපෘතිය මිලියන 124ක වියදමින් වසරකට අඩු කාලයක් තුළ නිමා කරන්නට බලාපොරොත්තුවන ව්‍යාපෘතියක්. අපේ සංවර්ධන කටයුතු පසුගිය කාලේ සැලසුම් කිරීමේදී අපට රටේ විවිධ ප‍්‍රදේශවලින් විවිධ ඉල්ලීම් එනවා. මොකද අපිට වසරක් තුළ කරන වැඩ කොටස තෝරා බේරා ගන්න වෙනවා. අපි කැමති හැම දෙයක්ම කරන්න බැහැ. ඒ නිසා යම්කිසි ප‍්‍රමුඛතාවයක් දෙන්නට වෙනවා. එතනදී මම හිතන්නේ තමුන්නාන්සේලා ස්තූතිවන්ත විය යුතුයි තමුන්නාන්සේලාගේ දිස්ත‍්‍රික් නායකතුමාට, සී.බී. රත්නායක මැතිතුමා දිවා රෑ අපට කතා කරමින්, අප සමග සාකච්ඡුා කරමින් තමුන්නාන්සේලාගේ ප‍්‍රදේශයට අවශ්‍ය කරන සංවර්ධනය ගෙන ඒම සඳහා මුදල් වෙන්කරවා ගැනීමට විශාල කැපකිරීමක් කළා.

එතුමාට දැන් අවශ්‍යවෙලා තිබෙනවා මෙතනින් එහාට වඩා විධිමත්ව වලපනේ ප‍්‍රදේශය සංවර්ධනය කරන්න. ඒ නිසා අපිත් සමග සාකච්ඡුා කරලා ඉතාමත් විධිමත් සංවර්ධන සැලැස්මක් ඔබතුමන්ලා වෙනුවෙන් සකස් කර තිබෙනවා. ඒ වැඩපිළිවෙලේ එක් ව්‍යාපෘතියක් පමණයි අද අපි ආරම්භ කරන්නේ. මෙතනින් පසුව තවත් ව්‍යාපෘති රාශියක් ආරම්භ වීමට නියමිතයි. මෙම බස්නැවතුම්පල මෙයට වඩා පුළුල් කිරීම, මෙම නගරයේ තිබෙන තදබදය අඩු කර ගැනීම සඳහා විධිමත් ලෙස සංවර්ධනය කිරීම. තවත් වැදගත් දෙයක් තමයි වලපනේ ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා අපි අනාගතය දකින විට අපි අලූත් ආදායම් මාර්ග සොයා ගත යුතුයි. අලූත් ව්‍යාපාර අවස්ථාවන් ගෙන ආ යුතුයි. එතකොට වලපනේට පමණක් නෙමෙයි මුළු රටටම අපි දකින වැදගත් ක්‍ෂෙත‍්‍රයක් තමයි සංචාරක ක්‍ෂෙත‍්‍රය. අද මේ කොරෝනා ප‍්‍රශ්නය නිසා සංචාරකයෝ ලංකාවට එන්නේ නැති උනාට, සංචාරක ව්‍යාපාරය කියලා කියන්නේ අපට අවුරුද්දට ඇමරිකානු ඩොලර් බිලියන 5 ක පමණ ආදායම් ගෙන ආ විශාල වශයෙන් වැදගත් ව්‍යාපාර ක්‍ෂේත‍්‍රයක්, එය තාවකාලිකව අහිමිවීම රටේ ආර්ථිකයට විශාල පාඩුවක් යැයි පැවසීය.

lankacnews

No comments

Ads Place