Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලිය අද ඇරඹෙයි - ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 07 ක් තරඟ බිමට

අවුරුදු 20න් පහල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවන ලෝක කණ්ෂ්ඨ මලල ක්‍රිඩා තරගාවලිය කෙන්යාවේ නයිරෝබි නුවරදී අද ආරම්භ වනවා. ඒ සදහා රටවල් 117 ක් නි...


අවුරුදු 20න් පහල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවන ලෝක කණ්ෂ්ඨ මලල ක්‍රිඩා තරගාවලිය කෙන්යාවේ නයිරෝබි නුවරදී අද ආරම්භ වනවා. ඒ සදහා රටවල් 117 ක් නියෝජනය කරමින් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 973 ක්.  


ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු එක් වනවා. ඉසුරු කෞෂල්‍ය මීටර් 400 සහ මීටර් 400 මිශ්‍ර සහය දීවීමේ ඉසව් සඳහා එක්වීමට නියමිතයි. යූ බී එම් ආර් ඩී බණ්ඩාර, එච් එච් ආර් එස් ජයසුන්දර සහ සයුරි ලක්ෂිමා මෙන්ඩිස්  මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව සඳහා එක් වන සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්.


මේධානි ජයමාන්න මීටර් 100 සහ 200 කාන්තා ධාවන ඉසව් සඳහා එක්වනු ඇති. ඩී එම් ටී ඩී කරුණාරත්න මීටර් 800 සහ මීටර් 400 මිශ්‍ර සහය දීමේ ඉසව් සඳහා එක් වනවා. ශ්‍රී ලංකා කණිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස උමංග සුරේන්ද්‍ර සහ ධනුෂ්ක මුණසිංහ කටයුතු කරනවා. ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ලබන 22 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

nethnews

No comments

Ads Place