Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලිබල මණ්ඩලයට මාස 03 ක දී බිලියන 4 ක ශුද්ධ ලාභයක්!

  ලංකා විදුලිබල මණ්ඩලය 2021 ජූනි 30න් අවසන් කාර්තුව තුළ දී රු. බිලියන 4.37 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර ඇති බව ඒහි නවතම මූල්‍ය වාර්තා...

 


ලංකා විදුලිබල මණ්ඩලය 2021 ජූනි 30න් අවසන් කාර්තුව තුළ දී රු. බිලියන 4.37 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර ඇති බව ඒහි නවතම මූල්‍ය වාර්තා පෙන්වා දේ. මීට පෙර කාර්තුව ඒනම්, 2021 ජනවාරි – මාර්තු කාලපරිච්ඡේදය තුළ දී මණ්ඩලය විසින් රු. බිලියන 8.92 ක අලාභයක් ලබා තිබුණු පසුබිමක රාජ්‍ය ව්‍යවසායක් ලෙසින් මෙය ලැබූ සුවිශේෂී මූල්‍යමය ජයග්‍රහණයක් වශයෙන් හැඳින්විය හැකිය.


මේ අනුව විදුලිබල මණ්ඩලය 2021 පළමු අර්ධය තුළ දී වාර්තා කර ඇති අලාභය රු. බිලියන 4.54 ක් දක්වා අඩුවනු ඇත.


2021 අප්‍රේල් – ජූනි කාර්තුව තුළ දී මණ්ඩලය විසින් රු. බිලියන 61.75 ක ආදායමක් වාර්තා කිරීම හරහා රු. බිලියන 7.03 ක දළ ලාභයක් අත්පත් කර ගැනීමට සමත්වීම, පසුගිය කාර්තුවේ බදුගෙවීමෙන් පසු ලාභදායීත්වයක් පෙන්නුම් කිරීමට බෙහෙවින් උපකාරී වී තිබේ.


මේ අතර ලංකා විදුලිබල මණ්ඩල සමූහය පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 8.54 බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇත.


ලංකා විදුලිබල මණ්ඩලයේ නවතම මූල්‍ය ප්‍රකාශය පහතින් දැක්වේ.


noizetv

No comments

Ads Place