Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු පාර්ශව 03 කින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1,200 ක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 787 ක මූලය ණය ආධාරයක් මෙරටට අද දිනයේදී ලැබී තිබෙනවා.  මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටි...


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 787 ක මූලය ණය ආධාරයක් මෙරටට අද දිනයේදී ලැබී තිබෙනවා.  මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල පැවසුවේ බංග්ලාදේශ මහ බැංකුව සමග ශ්‍රී ලංකා මහ බැංකුව අත්සන් කර ඇති විනිමය හුවමාරු ගිවිසුම යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 150 ක ණය ආධාරයක් ද ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අද දිනයේදී ලැබී ඇති බවයි. 


මේ අතර ශ්‍රී ලංකා රජය සහ චීන සංවර්ධන බැංකුව අතර ඉකුත් අගෝස්තු 17 වනදා අත්සන් තැබුණු මූල්‍ය පහසුකම් සඳහා වන ගිවිසුමට අනුව අමෙරිකානු ඩොලර් මිලියන 309 ක මුදලක් මෙරටට ලැබුණු බව ද මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළා. සහනදායී කොන්දේසි යටතේ ලබාදී ඇති මෙම මූල්‍ය පහසුකම සඳහා ණය ආපසු ගෙවීමේ කාලය වසර 10 ක් වන අතර වසර 03 ක ණය සහන කාලසීමාවක් හිමිවනවා. මෙම ණය මුදල් ලැබීමත් සමග මෙරට විදේශ සංචිත ශක්තිමත් කර ගත හැකි බවයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. 


මේ අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාතවලට අනුව අමෙරිකානු ඩොලරයට විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 204 යි ශත 89 ක් ලෙසයි. එය ඉතිහාසයේ අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම අගය වනවා. මහ බැංකුව ප්‍රකාශිත විනිමය අනුපාත අනුව ඩොලරයක ගැනුම් මිල අද දැක්වුණේ රුපියල් 198 යි ශත 90 ක් ලෙසයි. 

nethnews

No comments

Ads Place